ජාතික එල්ලේ තරගවාලියේදී පළමු වතාවට සුපිරි තෑගි රැසක් ප‍්‍රදානය කිරීමට ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය කටයුතු යොදා තිබේ. ලබන අගෝස්තු මාසයේදී පැවැත්වෙන මෙවර ජාතික එල්ලේ ශූරතාවලියේ ජයග‍්‍රාහි කණ්ඩායමට රුපියල් 250,000ක් පිරිනැමෙන අතර තරගාවලියේ වීරයාට යතුරුපැදියක් හිමිවේ. ජයග‍්‍රාහි කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයන්ට මවුන්ටන් පාපැදිය බැගින්ද පිරිනැමේ. තරගාවලියේ අනුශූරයන්ට රුපියල් ලක්‍ෂයක්ද, තෙවැනි ස්ථානයට රුපියල් 50,000ක්ද ප‍්‍රදානය කෙරෙන අතර ජයග‍්‍රාහි කණ්ඩායමට ”සී.එස්.එන්” අභියෝගතා ශූරතා කුසලාන ප‍්‍රදානය කෙරේ. මෙවර තරගාවලියේ අවසන් මහ තරගය සී.එස්.එන් රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කිරීමටද කටයුතු යොදා තිබේ. වසරේ පැවැත්වෙන ප‍්‍රධානතම එල්ලේ තරගවලිය වන ජාතික එල්ලේ තරගාවලියේ මේ වන විට අවසන් වටයට පිවිස සිටින කණ්ඩායම් 16ට නිල ඇඳුම් ප‍්‍රදානය කිරීමත් මෙවර තවත් විශේෂත්වයකි. ජාතික එල්ලේ තරගාවලියේදී පළමු වතාවට මේ තරම් තෑගි ලබාදෙන්නේ එල්ලේ සම්මේලනයේ වත්මන් සභාපති පළාත් සභා මන්තී‍්‍ර ආනන්ද අතුකෝරල මහතාගේ මැදිහත්වීම මත බව එහි ලේකම් සිරිපාල රණසිංහ මහතා පවසයි. අවසන් වටයේ තරග ලබන ඉරිදා (8) සිට ජාඇල කෲස්වත්ත ක‍්‍රීඩාංගනයේදී ආරම්භ වේ. මේ අතර අවසන් මහා තරගයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහභාගි කරගැනීමට සංවිධයකයෝ අපේක්‍ෂා කරති. ගිය වර ශූරතාව දිනාගත් ජොසිටාවත්ත රශ්මි හා අනුශූරතාව ලද තොටලඟ අරුණ යන කණ්ඩායම් මෙවරත් එම බලාපොරොත්තු රඳවා ගනිමින් අවසන් වටයේ කණ්ඩායම් 16ට තේරී සිටිති.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික එල්ලේ ශූරයන්ට තෑගි පිට තෑගි
රසික Wednesday, 04 July 2012 11:12 AM
බොහොම හොද වැඩක් මීගමු කොල්ලන්ගේ ප්‍රණාමය .
ප්‍රසාද් Wednesday, 04 July 2012 11:38 AM
මේක එල්ලේ ක්‍රීඩාවට හොද පුවතක්. මේ වගේ තවත් එල්ලේ පුවත් පත්තරේ පල කරන්න
ප්‍රසාද් Wednesday, 04 July 2012 11:41 AM
බලාපොරොත්තු වෙනවා නැවතත් ජාතික ක්‍රීඩාව බවට එල්ලේ පත් වේවා කියා. මේකයි මාර්ගය මේ ක්‍රීඩාව ඉහලට එසවීමට. සුභ පතනවා ඔබට "අපි නැගෙනතරු එල්ලේ කණ්ඩායම නරන්ගොදපලුව
නරන්ගොදපලුව නැගෙන තරු Wednesday, 04 July 2012 11:54 AM
සුභපතනවා නව එල්ලේ කණ්ඩායමට සහ නිලධාරීන්ට