IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඡන්දයක් නැතිවම ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

(ඩයනා උදයංගනී)
 
ඡන්දයකින් තොරව ජනාධිපති වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

 
සම්මත කිරීම සඳහා ශිර්ෂ අංක එක සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි නැගී සිට බෙදීමක් ඉල්ලා සිටියේය.
 
බෙදීමක් අවශ්‍යදැයි කතානායක කරු ජයසූරිය මහතා යළි ප්‍රශ්න කළ අතර එම අවස්ථාවේ ලක්ෂමන් කිරිඇල්ල සභානායකවරයා නැගී සිට බෙදීමක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කළේය.
 
ඒ සමඟ පසුපෙළින් ඝෝෂාකාරී තත්ත්වයත් ඇති වූ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැගී සිට යළිත් වරක් බෙදීමක් අවශ්‍ය නැති බව දැනුම් දුන්නේය.
 
ඒ අනුව ඡන්දයකින් තොරව ජනපති වැය ශීර්ෂය සම්මත විය.
 
එජාප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පසුපෙළ මන්ත්‍රීවරුන් අසලට පැමිණ යමක් කියනු දක්නට ලැබිණි. ඇතැම් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් එම මන්ත්‍රීවරයාට සවන් දෙන බවක් දක්නට නොලැබිණි.



අදහස් (12)

ඡන්දයක් නැතිවම ජනපති වැය ශීර්ෂය සම්මත වෙයි

නදුන් Wednesday, 13 March 2019 01:35 PM

සිංහ නාද... බලු කෙදිරිලි

:       0       70

chamath Wednesday, 13 March 2019 01:44 PM

දැන් තියෙන්නේ පසු පෙලට බඩ කපා ගන්නයි

:       0       46

Hafeel Wednesday, 13 March 2019 02:01 PM

කෝ මරික්කාර්, මුජීබුර්රහ්මාන්, හරින්, ෆොන්සේකා? කයිවාරු පමණයි.

:       39       234

janatha anura Wednesday, 13 March 2019 02:19 PM

සිංහලෙන් කිව්වනේ, බෙදීමක් අවශ්‍ය නැත. පැහැදිලියිනේ "බෙදීමක් අවශය නැත" ජනපති වැය ශීර්ෂය සම්මත කරමි...

:       0       14

kotha siri Wednesday, 13 March 2019 02:23 PM

අනාගත්ත රජ්ජුරුවෝ ගසක් යට ඉඳගෙන කටේ හලා ගත්තෝය. ඉදිරිපෙළ, පසුපෙළ බෙදීමක් අවශ්‍ය නැහැ පසුපෙළ ඉදිරියෙන් තිබ්බම තත්වය වෙනස්... ඔන්න ඕකයි තත්වේ.

:       0       17

pasupela Wednesday, 13 March 2019 02:27 PM

ඉදිරි පෙළ කෝට් කාරයෝ හින්දද බඩ කපාගන්නේ... සිංහයෝ කවදත් කෝට් කාරයින්ට ගොට්ට අල්ලලා පුරුදුය. අල්ලමු මුට්ටිය නාගමු.. අපිට ගලවන්න කෝට් නැහැනේ. අමුඩේ තමා ගලවන්න වෙන්නේ... නෑමට පෙර කෑමට පසු...

:       0       77

sirimal Wednesday, 13 March 2019 02:28 PM

හැම වසරකටම වැඩියෙන් මේ සැරේ ජනපති වැය ශීර්ෂය වැඩි කරගෙන තියෙන්නේ පීඩිත මහ ජනතාව වෙනුවෙන් ගොඩක් වැඩ කරන්න හිතාගෙන වෙන්න ඇති... ඡන්දෙකුත් එනවනේ...

:       0       88

Amila Wednesday, 13 March 2019 02:32 PM

දැන් යුන්පි ජ්‍යෙෂ්ඨයන්ට සිරිසේන හොදයි වගේ. ඊලග මැතිවරණයකදි ශ්‍රිලනිපය සහ එජාපය අන්ත පරාජයකට පත්කල යුතුයි. මොවුන් එකම කල්ලියක් බව මහජනයාට දිගට හරහට පෙන්වමින් සිටි. අලුත් දේශපාලන පෙරමුණකට හොද අවස්ථාවක් තියෙනවා !

:       21       238

Sanath KandyThursday, 14 March 2019 04:55 AM

ඇයි පොහොට්ටුවත් ඒ කලියේම තමයි. අපිට පෙන්න බොරුවට රණ්ඩු උනාට මේ ඔක්කොම හොරෙන් ඩිල් දාගෙන එකිනෙකාව ආරක්ෂා කරනවා. රනිල් මෛත්‍රී මහින්දගේ හොර ආලනෙත් නෑ. මහින්ද අවොත් රනිල්ට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. දැන්වත් මේ ඔක්කොම හොරු එළවලා විකල්පයක් ගැන හිතමු. අවුරුදු හැත්තෑවක් තිස්සේ රැවටුනා මදිද?

:       61       110

mendisThursday, 14 March 2019 09:26 AM

ලංකාවේ විකල්ප නැහැ. කොළ, නිල, රතු සියල්ලම එකම කල්ලියේ.

:       12       47

TILAK Wednesday, 13 March 2019 02:59 PM

අර රාහුමානයගේ කට කොහොමද? මිනිස්සු ගැන නොවෙයි හිතන්නේ සල්ලි ගැන... හොර හැත්ත.. ඔබලා දිනුම් නම් තියපල්ලකෝ ප්‍රාදේශීය සභා ඡන්දය...

:       33       235

kap Thursday, 14 March 2019 08:14 AM

හිටපු නායකයා කිව්වා නේද අය වය දිනනවා කියල

:       15       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site