IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චීනා චීනයට යන්න බෑ කියා වලියක් දාලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි අවස්ථාවේදී අල්ලාගත් අල්ලා ගත් චීන ජාතිකයා යළිත් චීනයට පිටුවහල් කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට  රැගෙන ආ අවස්ථාවේ යළි චීනයට  යෑමට නොහැකි බව කියමින් කලහාකාරි ලෙස හැසුරුණු බව ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු ගේ ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පොලිස් පරීක්ෂකවරයකුගේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගේ දැඩි ආරක්ෂාව යටතේ චීන ජාතිකයා අද සවස 5 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය.

ගුවන් යානයට පිවිසීමට ඇති අවසන් දොරටුව වෙත මෙම චීන ජාතිකයා රැගෙන ආ අවස්ථාවේ ඔහු යළි චීනයට යෑමට නොහැකි බව කියමින් කලහකාරී ලෙස හැසිරෙන්නට පටන් ගත් බව ගුවන්තොටුපල ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

චීන ජාතිකයාගේ ආරක්ෂාවට පැමිණි ආරක්ෂක නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා බලහත්කාරයෙන් මෙන් මොහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූඑල්884 දරණ ගුවන් යානයට ගොඩ කරගෙන චීනය බලා රැගෙන ගිය බව ගුවන් තොටුපලේ උසස් නිලධාරියෙක් පැවැසීය.

මෙම චීන ජාතිකයා ගේ ආරක්ෂාවට මෙම පොලිස් නිලධාරීන් තිදෙනා සහ ආගමන විගමන නිලධාරියා ද ගොස් ඇත.

 



අදහස් (7)

චීනා චීනයට යන්න බෑ කියා වලියක් දාලා

Sl Thursday, 08 June 2023 11:20 PM

කෝ අර ඇමැති කාලකන්නියා. වෙන වියදම් අපේ බදුවලින් කපන්නේ නැතුව එයාගෙන් කපාගන්න...

:       0       16

Nimesh Friday, 09 June 2023 07:41 AM

හොර පාස්පෝර්ට් හදාගෙන රටට ඇතුලු වෙන්න හදපු මොහුව රඳවාගෙන සිටිනවිට නිදහස් කරන්න කියලා ලියුමක් එවපු අරුන්දික ඇමැතියාට එරෙහිව කිසිම පරීක්ෂණයක් නැත්ද?

:       0       17

සඳුන් Friday, 09 June 2023 07:57 AM

අපරාදේ ලංකාවේ ලොකු ආයෝජනයක් කරන්න ආපු චීනෙක්. බොරුනම් අරුන්දික ඇමැතිතුමාගෙන් අහලා බලන්න. මේ විගඩම් වලට ගිය මහජන මුදල් නාස්තිය මේකට වගකිවයුතු නිලධාරීන්ගෙන් හා බොරු ලියුම් ගහපු ඇමැතිවරයාගෙන් අයකර ගත යුතුයි.

:       0       11

Lalla Friday, 09 June 2023 08:03 AM

තව ටික කලකින්ම අරුන්දික ප්‍රනාන්දු ලංකාවට එන්න බෑ කියලා කොහේහරි හැංගියං ඔය විදිහටම...

:       0       16

නිහාල් Friday, 09 June 2023 08:48 AM

එයා උපන් රටේ ඉඳලා එයාලා මිලදී ගත් රටකට එන එක හොර වැඩක් නොවෙයි...

:       0       9

pakeer Friday, 09 June 2023 11:14 AM

ලංකාවෙන් චීනාව බස්සන්න ගිය අය ආයෙත් ලංකාවට එන්න බෑ කියලද දන්නේ නැහැ...

:       0       9

de silva Friday, 09 June 2023 06:19 PM

පොලිස් නිලධාරීන්ට බලපෑම් කළ දෙමළ මන්ත්‍රී ඇතුළු ආගමන විගමන නිලධාරීන්ට බලපෑම් කළ අරුම පුදුම ආධුනික ඇමැති එළියේ... ටිරාන් ඔබ නිදිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site