IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චාමර සම්පත්ගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි

(රෝෂන් තුෂාර)

ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය

සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඌව පළාත් සභාවේ ස්ථාවර ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ලද ප්‍රකාශයක් අනුව ඇප අවලංගු විය යුතු බවට අල්ලස් කොමිසම කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කෙරිණි.‍ෙප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සිය නියෝගය ප්‍රකාශයට පත්කරමින් සඳහන් කර සිටියේ ඇප අවලංගු කිරීමට තරම් වන කාරුණක් පැමිණිල්ල මගින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පලාත ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කර සමයේ රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පලාත් සභාවේ  ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර  ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක  පාඩු වීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශයක් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන සභාව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසීය.

 



අදහස් (1)

චාමර සම්පත්ගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි

Sameera Friday, 16 May 2025 01:43 PM

ඇයි මිනිසුන්ව මෙහෙම හිරේ දාලා ආණ්ඩුවේ වියදමින් නඩත්තු කරන්න දඟලන්නේ? මොකක්ද මේ විකාර රාජ්‍ය ආයතන? මිනිස්සු අල්ලස් ගන්නේ ඇයි කියලා පසුවිපරම් කරන්න...

:       6       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site