
(රෝෂන් තුෂාර)
චමල් රාජපක්ෂගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට සහ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංගා නියෝමාලී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝධරගම මහතා අද විවෘත වරෙන්තු කළේය.
එයා බස් ගණුදෙනුව අදාලව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරි කපිල චන්ද්‍රසේනට එරෙහිව ඇති නඩුව යළි කැඳ වූ අවස්ථාවේදී අල්ලස් කොමිසමා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කළේය .
සැකකරුවන් දිගින් දිගටම අධිකරණය මගහැර සිටීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බලඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත්තේ යැයි කියන එම ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සැකකරු ලබන දාහත දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පල පුතාලා බාප්පලා මේ රට හුරන්ම කාලා තියෙන හැටි...
ශ්‍රී ලන්කන් වලට කෙලවපු මිහින් ලංකා දාලා මහබැංකු සේප්පුවට කෙලපු අප්පච්චිගේ හොර බෑනයි, ලේලියි. මුළු රටකම මිනිස්සුන්ගේ ජීවිත් කාලකන්නි කරන්න සම්මාදම් වෙලා, කොහොම රෙදි ඇඳගෙන ඉන්නවාද මන්දා...
පවුල් පාලනේ ගෑවිචිචි උන් ගැන නම් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
ඔන්න මන්දා මානසික ජෙප්පොන්ට චූන් දෙනවෝ.
මුලින්ම ඔය කපිල චන්ද්‍රසේනගේ දේපල තහනම් කර ඔහුට දඩුවම් නියම කරන්න අවශ්‍ය තරම් සාක්ෂි තිබෙනවා. ඊට පස්සේ පුළුවන් ඉතුරු සෙට් එක අල්ලා ගන්න නැතිනම්, අනික් හොරු සොයාගන්න කන් නඩුව ඇද ඇද හිටියොත් මේ හොරට දඩුවමක් දෙන්නත් බැරි වෙනවා....