IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


චාමිකගේ (55/5) විශිෂ්ට පන්දු යැවීමෙන් සාන්ත තෝමස් ලකුණු 192 කට සීමාවෙයි

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී අද (07) ආරම්භ වූ 134 වැනි ‘නිල් මහ සටන’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම ලකුණු 192 කට සීමා කිරීමට රාජකීය විදුහල් පන්දුයවන්නෝ සමත් වූහ.

වර්ෂාව හේතුවෙන් පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට රාජකීය විදුහල පළමු ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකු-ණු 11 ක් ලබා සිටියේය.

රාජකීය විදුහල් වේග පන්දුයවන ක‍්‍රීඩක චාමික කරුණාරත්න විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 55 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් විය.

සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක‍්‍රීඩා කරමින් ඩෙවින් ජයසිංහ පන්දු 107 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය.

තෙදින තරගයක් වන මෙම තරගයේ හෙට (08) දෙවැනි දිනයයි.

සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම 192 (නිපුන ගමගේ 19, ඩෙවින් ජයසිංහ 74, තිලක්‍ෂණ සුමනසිරි 17, හෙලකමල් නානායක්කාර 24, රවිඳු තිලකරත්න නොදැවී 26, චාමික කරුණාරත්න 55/5, පූර්ණ අලූත්ගේ 44/2)

රාජකීය විදුහල පළමු ඉනිම කිසිවකු නොදැවී 11



අදහස් (0)

චාමිකගේ (55/5) විශිෂ්ට පන්දු යැවීමෙන් සාන්ත තෝමස් ලකුණු 192 කට සීමාවෙයි

නිරෝෂාන් ඩී Thursday, 07 March 2013 06:06 PM

මාලිංග වෙනුවට චාමික දැම්මොත් නරකද?(නු)

:       0       0

මිලින්ද Thursday, 07 March 2013 06:53 PM

නියමයි තෝමියන් (දී)

:       0       0

ශ්‍රියාණි Friday, 08 March 2013 11:02 AM

නියමයි චාමික. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site