
අඟහරු ග්‍රහයා වෙත යැවෙන රොකට්ටුවක් චීනය අද (23) සාරථකව ගුවන් ගත කළේය.
මෙම රොකට්ටුව චීනයේ හයිනෑන් දූපතේ වෙන්චැන් අභ්‍යවකාශ ගුවන්තොටුපලින් එරට වේලාවෙන් දහවල් 12.40ට ගමන් ආරම්භ කර තිබේ.
රොකට්ටුව 2021 වර්ෂයේ පෙබරවාරි මාසයේදී අඟහරු ග්‍රහයා වටා කක්ෂගත වීමට නියමිතය.
ටියෑන්වෙන් - 1 ලෙස නම් කර ඇති රෝවරය රොකට්ටුව මගින් ගෙන යනු ලබන අතර රොකට්ටුව කක්ෂගතවී මාස තුනකින් පසු රෝවරය අඟහරු මතුපිටට පතිත කිරීමට සැලසුම් කර ඇත.
අඟහරු ග්‍රහයාගේ වායුගෝලීය තත්ත්වයන් අධ්‍යයනය කිරීම සඳහා මෙම කාලය යොදාගන්නා බව විද්‍යාඥයෝ පවසති.
අඟහරුගේ සමකයට උතුරින් තැනිතලාවකට රෝවරය පතිත කරවන අතර එමගින් පෘෂ්ඨයේ භූ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කෙරෙනු ඇතැයි ඔවුහු වැඩිදුරටත් පවසති.
චීනය විසින් මෙලෙස ගුවන්ගත කරන ලද්දේ දින 11ක් තුළ පෘථිවියෙන් අඟහරු බලා පිටත් වන යානා තුනෙන් එකකි.
සඳුදා (20) එක්සත් අරාබි එමීර් රාජ්‍යය අඟහරු වෙත සිය ප්‍රථම යානය ගුවන්ගත කළ අතර ඉදිරි සතියේ ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් ද යානයක් ගුවන්ගත කිරීමට සැලසුම් කර තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනය අඟහරු වෙත රොකට්ටුවක් යවයි
Jagath Thursday, 23 July 2020 12:09 PM
මම හිතන්නේ මේ අර රොකට් රෝහිතගේ රොකට් එක වෙන්න පුළුවන්..
sunil Thursday, 23 July 2020 12:43 PM
ලෝකෙටම ලෙඩ දෙන ගමන් අභ්‍යාවකාශය තරණය කරනවා.
Prabha Thursday, 23 July 2020 04:05 PM
දැන් එහෙනම් අඟහරු ලෝකෙ ගියත් චීන කෑම වරදින එකක් නැහැ.
Don Thursday, 23 July 2020 06:35 PM
මට විශ්වාසයි ඔවුන් රොකට්ටුව සමඟ කොවිඩ්-19 මාරාන්තික වෛරසයක් ද එවා ඇති බව !
Perera Thursday, 23 July 2020 06:51 PM
අඟහරු ලෝකෙටත් කොරෝනා බෝ කරන්නද හදන්නේ.?
Harin Friday, 24 July 2020 12:10 AM
අඟහරුත් ඉවරයි.