චීන පටස් රතිඤ්ඤයක් කටේ දමා හැපීමෙන් මුන්දලමේදී මිය ගිය කුඩා දරුවාගේ මරණය සම්බන්ධයෙන් සැක පිට චීනපටස් අළෙවි කළ කඩ හිමියා රිමාන්ඩ් බාරයට පත් කළ පුත්තලම මහේස්ත්‍රාත් ධම්මිකා ඉලංගතිස්ස මහත්මිය ඔහුගේ 12 හැවිරිදි පුතාට රුපියල් 5000ක ශරීර ඇප නියම කර මවගේ බාරයට පත් කළාය.
අවුරුදු තුනහමාරක් වයසැති හසංග චමේනුක දරුවාගේ මරණයට හේතුව කඩහිමියාගේ නොසැළකිලිමත් බව පොලීසිය අධිකරණයට දැන්වීය.
එම දරුවාට රතිඤ්ඤය විකුණා ඇත්තේ ඔහුගේ 11 හැවිරිදි දරුවාය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනපටස් මුදලාලි රිමාන්ඩ්
ආනන්ද Saturday, 05 January 2013 07:34 AM
ඉතාමත් කණගාටුදායක මරණයක් . ප්‍රධාන හේතුව සමාජය නොදැනුවත් කමයි . සමාජය දැනුවත් කල යුතුයි (ස)
ආනන්ද Saturday, 05 January 2013 07:40 AM
ජයසේන ,මේක සියදිවි හානි කර ගැනීමක්ද ?? (ස)
සමීර Saturday, 05 January 2013 07:48 AM
ජයසේන අදහස් දක්වනකොට ටිකක් කල්පනාවෙන් හිතලා බලලා අදහස් දැක්වුවොත් නේද හොඳ ? (ස)
කිත්සිරි Friday, 04 January 2013 04:55 PM
එතකොට අවුරුදු තුන හමාරේ දරුවාව සල්ලිත් එක්ක කඩේ එව්ව දෙමාපියන්, භාරකරුවන් නිවැරදිද? (නි)
රාම් Friday, 04 January 2013 05:47 PM
කොපමණ අහිංසක සතුන් හක්කපටස් වලින් මෙහෙම මැරෙන්න ඇද්ද? ඒත් ඒවාට පවු ගෙවන්නේ මේ අහක ඉන්න අහිංසකයෝ. (නි)
ජයසේන Friday, 04 January 2013 06:03 PM
එහෙනම් කවුරුහරි පලිබෝධනාශක බීලා මැරුණොත් ඒවා විකුණපු කඩේ මුදලාලිව අත්අඩංගුවට ගන්නවාද? (නි)
අමර Saturday, 05 January 2013 11:05 AM
මේ ළමයගේ දෙමාපියන් වැරදි නැද්ද ? (ස)
චානක Friday, 04 January 2013 07:49 PM
මුදලාලි මොනවා කරන්නද ? චීනපටස් විකුණන එක තහනම්ද ? දෙමාපියන් තමයි වගකියන්න ඕනි (ස)
කරුණාරත්න Friday, 04 January 2013 08:11 PM
මොනවාද මේ අවසිහියෙන් කරන වැඩ (දී)
සියලන් Saturday, 05 January 2013 12:19 AM
කැකිල්ලේ නඩුව වගේනේ. එතකොට දෙමාපියන් වැරදි නැද්ද.. (ස)
සෑම් Saturday, 05 January 2013 01:00 AM
ජයසේන, අඩුවයසේ ළමයෙක් යොදවලා පළිබෝධනාශක විකිණීමත් බරපතල දඬුවමක්.... අඩුවයසේ ළමයකුට පලිබෝධනාශක අසළට කිට්ටුවීමටවත් ඉඩ නොදිය යුතුයි... (ස)
ලංකා Saturday, 05 January 2013 01:15 AM
අපරික්ෂා කාරී කමකින් අන්තිමේ මරණයක් (දී)
සන්ජීව Saturday, 05 January 2013 04:11 AM
පුදුම නීතියක්නේ. එතකොට කවුද එයාව කඩේ එව්වේ (ස)