කාටූන් හා චිත්‍ර කථා කලාවේ පුරෝගාමියකුවූ දයා රාජපක්ෂ මහතා අද (26) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 78 වැනි වියේ පසුවූ රාජපක්ෂ මහතා විජය පුවත්පත් සමාගමේ සේවය කළේය. ඔහු වෘත්තීය ජීවිතයට පිවිසියේ ලේක් හවුස් ආයතනයෙනි.
ජනප්‍රිය චිත්‍ර කථා රාශියක් නිර්මාණය කර ඇති දයා රාජපක්ෂ මහතාගේ චිත්‍ර කථා බොහොමයක් ටෙලි නාට්‍ය හා චිත්‍රපට බවටද පත්විය.
සිළුමිණ පුවත්පතේ වානරයෝ චිත්‍ර කතාවෙන් සිය චිත්‍ර කථා කලාව ආරම්භ කළ රාපජපක්ෂ මහතාගේ සක්විති සුවිය, හුලවාලි, තවලම ආදී චිත්‍ර කථා රැසක් සිනමා නිර්මාණ බවට පත්විය.
දුලාරි, හතේ වසම, බොරළු පාර, අනූපමා ආදී චිත්‍ර කථා රැසක් ටෙලි නාට්‍යටද නැගුණි.
ලංකා ඊ නිවුස් විශේෂ ලිපිය -
චිත්‍රයත් කතාවත් කවියත් උපහාසයත් අදීනත්වයත් දෝත දරා දශක 5 කට අධික කාලයක් දිනපතා ජනතාව පිනැවූ දයා රාජපක්ෂ - http://www.lankaenews.com/news/2343/si






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූපවාහිනී නැති යුගයක ඔබ මැවු සිත්තම් වලට උපහාර සමගින් මරණය ඔබට සදා සැනසිලි ගෙන දේවා (නදී)
නිවන් සුව පතමි (නදී)
මගේ ආදරණීය කල කරුවාණෙනි ... ඔබේ මියගිය ආත්මය ඔබට විචිත්‍රවත් වාසනාවන්ත නව ආත්මයක් ඉතාම ඉක්මනින් ළඟාකර දෙනු ඇති...ඔබට නිවන් සුව.. (ම)
ඔබගේ චිත්‍රකතා රුපවාහිනී නොතිබූ අපේ කාලයේ රසදුනක් විය. ඊළඟ කොටස කියවන තෙක් ආශාවෙන් බලා සිටියෙමු කොටස් වශයෙන් කතා එකතු කළෙමු ඔබට නිවන් පුරේ දොර ඇරේවා (බ)
ඔබතුමාට නිවන් සුව පතමි! (ම)
අන්තිම දක්ෂයෙක් මොහු. අහෝ මොන දුක්කදායක පුවතක්ද!(නදී)
මගේ ළමා අවදියේ සිට මේ දක්වාම වඩාත්ම ඇලුම් කළේ ඔබගේ චිත්‍ර කතා නිර්මාණ වලටය. සොබා දහම අනුව අප කවුරුත් අවසන් ගමන් යා යුතුය. ඔබ සුගතිගාමී වෙත්වා ! නිවන් සුවය ලබත්වා ! (නදී)
උසස් කලා කරුවෙක්. (නදී)
මෙතුමාගේ චිත්‍රකතා කියවීමට පුවත්පත එනතුරු මඟ බලා සිටි ජනතාවක් එදා සිටිය අතර ඒ හැමගේ හදවත් තුළ එතුමා නොමැකි පවතිනු ඇත. සල්ගාදු- ප්‍රංසය මහතාගේ පැතුම එතුමා වෙනුවෙන් මගේද පැතුමයි!(ම)
ඔබගෙන් දුටු ඒ චිත්‍ර ඒ කථා විලාසය නැවත වෙන කාගෙන්වත් නොලැබේවි. අපට තිබුණු තවත් පහනක් නිවී ගියා. ඔබතුමාට නිවන්සුව අත් වේවා! (බ)
දයා ඔබට නිවන් සුව පතමි! (ම)
ඔබ තුමාට නිවන්සුව අත්වේවා ! (ම)
ඔබට නිවන්සුව ! (ම)
මම ලංකාවේ විදුලිය අහිමි ගමක ඉපදුනෙමි. ඉස්කෝලේ යන ගමන් කමතට ගොස් අම්මට හොරෙන් ඔබගේ චිත්‍ර කතා කියවු වෙමි. උඉනගත් දේවල් බොහෝමය. අද මා පිටරටක ජීවත් වෙමි. තවමත් ඔබගේ චිත්‍ර කතා සමග මාගේ සිත ගමට වේලට දොලට ය. මෙවන් රටක සිටියානම් ඔබ වෙනුවෙන් නගර නිර්මාණය වන්නේය. ඔබගේ නවරියන් චිත්‍ර කතා පෙළ අදද මා ලග ඇත. ඔබට සුන්දර නින්දක්.(නදී)
දේදුනු කැලුම් චිත්‍ර කතාව අපේ පාසල් කාලයේ හරිම ජනප්‍රිය කතාවක් උනා. අපේ පාසලේ ගැහැණු ළමයි දේදුනු මෝස්තරේට කොණ්ඩය සකස් කරගෙන පාසල් ඇවිත් ගුටිත් කැවා. අපි ඒකාලේ පාසල් පොත්වල පිට කවරේ සරසන්නේ දේදුනුගේ හරි කැලුම්ගේ හරි වර්ණවත් ලොකු සිතුවමකින්. ළමා, තරුණ, මහලු හදවත් දිනු සුහද කලාකරුවාණනි, ඔබතුමාට නිවන් සුව පතමි! (නදී)
හද පිරි සෝකය සමග ඔබට නිවන් සුව.....(ස)
ඔබගේ හැකියාව ඔබ මෙලොවට දායාද කර ඔබ සමුගෙන ඇත මෙවන් මහැඟී සේවාවක් ලොවට ලබාදිය හැකි සුළුතරය අතර ඔබත් කෙනෙකි ඔබට නිවන් සුව පතමු (බ)
නිවන් සුව ලැබේවා , දෙව් මව් තුරුලේ සැතපේවා , ස්වර්ග මෝක්ෂයට ඇතුළු වේවා , අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේවා (බ)
ජාතිය වැලදගත් කලාකරුවෙක්. අඩසිය වසක මතක සිතුවම් අමරණීය සිහිවටන වේවි .පුදුමයක හැටි ඔබ අපට නොකියම ගිහින් .....(බ)
නිවන් සුව අත්වේවා ! (නදී)
අහෝ දුකකි ඔබ වැනි කලාකරුවන් ලක් මවට අහිමි වීම බොහෝ පාඩුවකි. මම කුඩා කාලයේ සිටම ඔබගේ කලාවට දැඩි සේ ආදරය කරන ලදී. ඉතින් කෙසේ සමු දෙන්නද ගරුතර මැතුදුනි ඔබට. නමුත් ඔබ අප හැරදමා ගොස්ය. (නදී)
ඔහු ඉතා සංවේදී චිත්‍ර ශිල්පියෙක්. ඔහුට නිවන් සැප ලැබේවා! (නදී)
නිවන් සුව පතමි ! (බ)
රුපවාහිනී නැති කාලයක චිත්‍රය යොදාගෙන ජනතාවට හිත කාවදින චරිත ඉදිරිපත් කල කලාකරුවනි ,ඔබට නිවන් සුව ! (නදී)
එදා ඔහුගේ චිත්‍ර කතාවෙන් මා ලැබූ වින්දනය ඉන්පසු පැමිනි කිසිම විද්‍යුත් මාද්‍යයකට ලබා දිය නොහැකි විය. ඔහුගේ චිත්ත සන්තානයේ ඉපිද තෙලිතුඩින් පන පෙවුන නෙක චරිත අදත් මා ඉදිරියේ ඒ අපූර්ව වූ දෙබස් තෙපලමින් සිටී. හද පිරි සෝකය සමග නිවන් සුව පතමි. (නදී)
මම ඔබේ ච්ත්‍ර කලාවට ආදරය කෙළෙමි. ඔබට නිවන් සුව.(නදී)