(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද රාත්‍රියේ පැවැත්විණි.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවැති මෙම හමුවට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ආරාධනයකට අනුවය.
ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා පමණි.රටේ අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ බවට තොරතුරු වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක පින් මන්ත්‍රීකමක් තියාගෙන ඉන්න මෙයා එක්ක මොන සාකච්ඡාද? පේනවනේ රනිල්, රාජපක්ෂලාගේ ඩීල් වලට සම්බන්ධයි කියලා.
අගමැතිකම බාරගන්න වෙන්ඩැති. රාජපක්ෂලාගේ ආරක්ෂාව ගැනත් හිතාගෙන රනිල් එක්ක හොර රහසේ කුමන්ත්‍රණ කෙරුවද කියන්න බැහැ...
රනිල් කියන්නේ මහින්දම තමයි...!
නැවතත් සීනි නැතුව කළු කොපි සාකච්චා පටන්ගත්තද? දැනට තියන අර්බුදය තවත් අර්බුද රටට එපා. හොරුන්, දුෂිතයන්, මිනීමරුවන් රැකිණ රනිල් රටට එපා. අර්බුදයෙන් මිදින්න, ආර්ථිකය දියුණු කරන්න රටේ දුෂණ වංචා සංස්කුතිය නැති කරලා, එම දුෂිතයන්ට දඬුවම් දෙන්න ඕනේ. එහම නැතුව රටතුල දුෂණ, වංචා, හොරකම් නැති කරන්න බැහැ. ඉතිහාසයේ රනිල්ගෙන් මේවා කිසිසේත්ම බලාපොරුත්තු වෙන්න බැහැ . ඒ නිසා සැබේ වෙනසකට යමු.