
(ජයරත්න වික්‍රමාරච්චි)
වී අලෙවි මණ්ඩලයට අයත් නිකවැරටිය ගබඩාවට අද දහවල් ප්‍රාදේශයේ ගොවීන් දෙදෙනකු මෙම මහ කන්නයේ සිය වී අස්වනු තොගයක් අලෙවි කළ බව වී අලෙවි මණ්ඩලයේ වයඹ කලාප වැඩබලන කළමනාකරු ජී.එස් .ධර්මකීර්ති මහතා පැවසීය.
මෙම එක් ගොවියකු සම්බා වී කිළෝ ග්‍රෑම්ස් 398ක් සහ අනෙක් ගොවි මහතා නාඩු වී කිළෝ ග්‍රෑම්ස් 610ක් අලෙවි කළ බවත් ඒ මහතා පැවසීය .
දිවයිනේ බොහෝ ප්‍රාදේශවල වී ගබඩා වී දින කිහිපයක සිට විවෘතකර තිබුණද ගොවීන් මෙතෙක් වී ලබාදී තිබුණෙ අම්පාර ප්‍රාදේශයේ ගබඩාවකට බව වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවීන් දෙදෙනකු අදත් රජයට වී දෙයි
යෝගා Tuesday, 18 February 2025 11:34 PM
අනතුරු ඇඟවීමේ නිලධාරීන්ව යවලවත් බලන්න. එක්කෝ වී දෙයි නැත්නම් උදලුපාරක් දෙයි.
Shantha Wednesday, 19 February 2025 02:32 AM
හරි, සරලයි. රජයේ ගබඩා වලට දෙන ගොවි මතුන්ට පොහොර සහනාධාරය දෙන්න වැඩ පිලිවෙලක් හදා ගන්න. පෞද්ගලික හාල් මෝල් වලට දෙන අයට සහනාධාර දෙන්න එපා . ඒගොල්ලාට පුද්ගලික අයගෙන් ඉල්ල ගන්න කියන්න.
පිටරටවැසියා Wednesday, 19 February 2025 09:21 AM
කුඹුරෙන්ම හෝ ගොවි නිවසින්ම වී මිලදීගැනීමට වැඩපිළිවෙලක් සකස් විය යුතුයි. නැතිව ගබඩාවල දොර ඇරගෙන පුටුව රත්කර කර හිටියම ලැබෙන්නෙ වී සොච්චමයි. කුඹුරෙන්ම හෝ ගොවි නිවසින්ම වී ප්‍රවාහනයට පහසුකම් නැතිවුණත්, ඒ සඳහා ප්‍රවාහන දීමනාවක් ගොවීන්ට ගෙවීම මගින් මෙය සාර්ථක කරගන්න පුළුවන් වේවි. නිලධාරීන් ගොවීන් සමග සම්බන්ධ විය යුතුමයි. රජය වෙනස් වුණා, රාජ්‍ය සේවයත් ඉතාඉක්මණින් වෙනස්විය යුතුයි.
Gayan Wednesday, 19 February 2025 10:36 AM
ගුවන් තොටුපලකට ගුවන් යානයක් එනවා කිව්වම ඒක ප්‍රවෘත්තියක් නොවෙයි කිව්වා. දැන් මොකද වෙන්නේ?
abid Wednesday, 19 February 2025 11:42 AM
මිනිස්සු නළවන්න එපා. ආධාර ගන්නවා නම් වී වලින් කොටසක් රජයට දෙන එක අනිවාර්ය කරන්න. නැතිනම් ආධාර දෙන්න එපා. මෙහෙම ආණ්ඩු කරන්න පුළුවන්ද? මේ මොන විහිළුවක්ද? තාම ගොවීන් දෙන්නයි වී දීලා තියෙන්නේ.
Lal Wednesday, 19 February 2025 12:03 PM
ඔක්කොම එකතුව තුන් දෙනයි. කෝ මේ හෝදන බලකාය?
ගුණරත්න Wednesday, 19 February 2025 12:38 PM
තේරුමක් නැති නාස්තිකාර වියදම්, ඔය ගබඩා බලාගන්න. සුද්ද කරන්න මෙහෙයුම් හෝ පරිපාලන වැඩ සහ කම්කරු වැඩ සඳහා යන වියදම් බැලුවාම ඔය ගොවියෝ 3 දෙනා ගෙනත් දුන්නු හාල් ටිකෙන් ඒ වියදම පියවන්න පුළුවන්ද? රට ලෝකය හිනස්සන වැඩ...!