IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාවට එන්න පස්ස ගහයි

(සුජිත් හේවාජුලිගේ )

සමහර ගුවන් සමාගම් ඉන්ධන ගබඩාකරණය දුර්වලවීම හේතුවෙන් සිය ගුවන් යානා ශ්‍රී ලංකාවට පියාසර කිරීම තවදුරටත් අඩු කර ඇතැයි ගුවන් සමාගම් නියෝජිතයන් පිරිසක් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට දැනුම්දී ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

සමහර ගුවන් සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය නිසා මේ දිනවල ඉන්ධන ලබා ගන්නේ ඉන්දියාව ඇතුළු අසන්න රටවලින් බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙරටට පැමිණෙන ගුවන් යානා තවදුරටත් අඩු වුවහොත් සංචාරක කර්මාන්තය,අපනයනය විදෙස් ආයෝජනවලට සහ ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා යන අයට එය තදින්ම බලපෑ හැකි හෙයින් පවතින නීතිරීති සංශෝධනය කර හෝ මෙම අවස්ථාව ජයගත යුතු බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ අතර මේ ප්‍රශ්නයට විසඳුමක් ලෙස පෞද්ගලික අංශයේ ඉන්ධන තොග ගබඩා කරුවන්ටද ගුවන්යානා ඉන්ධන ගෙන්වීමට අවසර ලබාදීමට රජය දැනටමත් තීරණයක් ගෙන ඇත.

මේ සඳහා කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත.

විදේශීය සංචාරකයන් පැමිණීමද ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික තත්ත්වය සහ ඉන්ධන හිඟය හේතුවෙන් සැලකිය යුතු ලෙස අඩු වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

 



අදහස් (4)

ගුවන් සමාගම් රැසක් ශ්‍රී ලංකාවට එන්න පස්ස ගහයි

ranjith Saturday, 02 July 2022 11:15 AM

දැන්වත් පින් සිද්දවෙයි.. රට විනාශම කරන්නේ නැතිව ඉවත්වෙලා පුළුවන් කණ්ඩායමකට බාරදෙන්න.

:       3       29

Lalith M Saturday, 02 July 2022 11:26 AM

නිමල් සිරිපාල වගේ අය ඔය වගේ ප්‍රශ්න කොහොම විසඳන්නද?

:       1       29

Shawn de Silva Saturday, 02 July 2022 03:15 PM

දැන් ඇති... පලයල්ලා... ඔබලා ෆේල්. තව කාලකණ්ණි කරන්නේ නැතුව ඉන්න.

:       2       14

de silva Saturday, 02 July 2022 10:50 PM

නිමල් සිරිපාල වගේ පාර්ලිමේන්තුවේත් නිදාගන්න වයෝවෘද්ධ පුද්ගලයන් කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ? සිරිපාලට දැන් අවුරුදු 77යි. ලංකාවේ රාජ්‍ය සේවකයෝ විශ්‍රාම යන්නේ 55න්... අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site