(අංජුල මහික වීරරත්න)
ගුවන් හමුදා ප්‍රහාරක බල ගණයට අනුයුක්ත ගුවන් නියමුවන්ගේ පුහුණු ගුවන් යානයක් කඩා වැටීමට හේතුව එම පුහුණු නියමුවන්ගෙ අත්වැරැද්දක් බව ප්‍රවාහන, මහා මාර්ග හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
අදාළ ගුවන් යානය කඩා වැටීම පිළිබඳ තාක්ෂණික විමර්ශන වාර්තාව ආරක්ෂක ලේකම්වරයා වෙතින් ගෙන්වා ගත් බව කී අමාත්‍යවරයා එම වාර්තාවේ කියන පරිදි ගුවන් යානාවේ බඳේ හෝ ඇන්ජිමේ කිසිම ප්‍රශ්නයක් නැති බව සඳහන් වන්නේ යැයි පැවසීය.
අදාල පුහුණු ගුවන් නියමුවන් දෙදෙනාගේ දිවි බේරීම පිළිබඳ සතුටට පත් වෙන බව කී අමාත්‍යවරයා ගුවන් යානය වැටීමෙන් ප්‍රදේශයේ ගස් කොළන් වලට හැර සෙසු දේපොළ හානියක් සිදුවී නොමැති බව කීය.
පුහුණු වීම් වලදී මෙවැනි ගුවන් යානා කඩා වැටීම් ලංකාවේ මෙන්ම ලොව සියලු රටවල වාර්තා වන බව කී අමාත්‍යවරයා ප්ලේන් එකේ "එල් බෝඩ්" නොතිබුණාට එහි ගියේ පුහුණු වෙන කට්ටිය බැවින් ඔවුගෙන් අත් වැරදීම් විය හැකි බව සඳහන් කළේය.
පාරේ පරණ වාහන දිව්වාට අහසේ ගුවන් යානා එහෙම දුවන්න බැරි බවද අමාත්‍යවරයා කීය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක් අතරතුර මාධ්‍යවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.පාදෙනිය මිනුවන්ගැටේ ප්‍රදේශයට ඉකුත් 21 වැනිදා මෙම පුහුණු ගුවන් යානය කඩා වැටුණු අතර එහි නියමුවෝ දෙදෙනා දිවි බේරා ගත්හ.

COMMENTS
දෙන්නම පුහුණුවෙන අයද? පුහුණුකරු හිටියේ ගහක් උඩද, ගහෙන් බිමද?.
කියන දෙයක් හොඳට හොයලා හිතලා බලලා කියන්න. නැතිනම් මේකත් අර වඳුරු කතාව මෙන් බැක් ෆයර් වෙන්න පුළුවන්... ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකගේ වැඩේ ඔබ කරන්න යන එක සුදුසු නැහැ.
ප්‍රසිද්ධ මාධ්‍ය තුළින් කිව්වනේ එම යානයේ සිටි එක් අයෙක් ප්‍රධාන ජෙට් පුහුණුකරු කියලා..
සාමාන්‍යයෙන් නම් මේ වගේ අනතුරක වැරදි කරුවා ගැන ප්‍රකාශයක් කරන්නේ විධිමත් පරීක්ෂණයකින් පසුවයි. ඒ පිළිබඳව විශේෂ දැනීමක් ඇති පිරිසක් විසින් කලාට පසු ඒ කට්ටිය ප්‍රකාශයක් කරනවා. ඇමති තවම අලුත්නේ . බල්ලගේ වැඩේ බූරුවා කරන්න යන්නේ නැතුව උන්නා නම් හොඳයි. නේද , උපදේශය අනික් ඇමතිලාටත් වටිනවා
යානයක් කඩා වැටෙද්දී බිමට පැන්න විදිය පිළිබඳව පුහුණු කළා වෙන්න බැරිද?
එක්තරා ඇමතිවරයෙක් කීවෙ විදුලිය බිඳවැටීම වඳුරෙක්ගෙ වැඩක් කියලා.මේකත් ඒ වගේ පුහුණු වන දෙන්නගේ වරදින් කියන්නේ කොහොමද කෝ එතකොට පුහුණු කරු කොහෙද හිටියේ.
ගුවන් අනතුරක් පිළිබඳව නිසියාකාර පරීක්ෂණයක් කර නිගමනයකට එන්න අවම වශයෙන් සති කිහිපයක් ගතවෙනවා , සමහර අනතුරු වලට වසර ගණනාවක් ගත වෙනවා , මේවට සම්බන්ධ නිසි ක්‍රියාපටිපාටියක් තිබෙනවා , එකට කල් ගතවෙනවා , එම නිසා ගුවන් හමුදාව හෝ පරීක්ෂණ කණ්ඩායම් තවම කිසිම වාර්තාවක් එලියට දමල නැහැ , ඔවුන්ට එහෙම කරන්න නීතියෙන් ඉඩකුත් නැහැ , තත්වය එහෙම තියාගෙන ගුවන්යානා විෂය සම්බන්ධයෙන් දැනුමක් නොමැති ඔබ මෙවැනි ප්‍රකාශ කිරීම සුදුසු නැහැ , මේකෙන් රණ ගුවන් හමුදා සාමාජිකයන්ගේ මොරාල් එක බහිනවා , ඔබගේ ප්‍රකශය ඉල්ලා අස්කරගතයුතුය
මේක මැදමුලන වැඩක්
ඔය ගැන ප්‍රකාශ නිකුත් කරන්න ඕනෑ ගුවන් හමුදාවෙන් නොදන්න මඟුල් කියන්න ගිහින් නාගන්නවා
හරි නම්පුහුණුකරුත් යානයට නගින්න ඕනේ. බිම ඉඳලා මෙහෙම අරන් පලයල්ලා කියලා දුන්නාට මදි...!