IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ගිනිගත් නෞකාවේ කපිතාන්ට මහාධිකරණයේ නඩු පවරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

 

ශ්‍රී ලංකා සමුද්‍රය දුෂණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘ඒම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (8) නඩු පවරන ලදී.

ශ්‍රී ලංකා සමුද්‍රයට ‘බොර තෙල්’ මුදා හැරීමෙන් සමූද්‍ර දුෂණ වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බව සඳහන් කරමින් ‘නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

මෙලෙස නඩු පවරා ඇත්තේ එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන්වරයා වන ශ්‍රික ජාතික හිරෝස් ඉල්යාස් මහතාට එරෙහිවය.

2020 සැප්තැම්බර් මස 03 වැනිදාත් සැප්තැම්බර් මස 12 වැනිදාත් අතර කාලයේ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ සන්ගමන්කන්ද තුඩුව සිට නැගෙනහිර දෙසට නාවික සැතපුම් 20ත් 62ත් අතර දුරින් පිහිටි ශ්‍රී ලංකා අනන්‍ය ආර්ථික කලාපයේ දී බොරතෙල් මුහුදට මුසුකරන ලදැයි විත්තිකරුට එරෙහිව චෝදනා දෙකක් නඟා තිබේ.

2008 අංක35 දරණ සමුද්‍ර දුෂණ වැළැක්වීමේ පනතේ 26, 26 (අ) සහ 38 යන වගන්ති යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

විත්තිකරුට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවන් 55 දෙනකු හා ලේඛන 30 ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා මහාධිකරණයට දැනුම් දී ඇත.

මීට පෙර අවස්ථාවක එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාවේ කපිතාන් හිරෝස් ඉල්යාස් මහතා කොළම ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහුට රටින් පිටවීම තහනම් කළ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් මොහොමඞ් මිහාල් මහතා අධිකරණයට දැනුම් නොදී ඔහු නවාතැන් ගෙන සිටින ස්ථානයෙන් ඉවත් නොවන ලෙසද නියම කළේය.

නීතීපතිවරයා නියෝජනය කරමින් අධිකරණයේ පෙනීසිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරීස් මහතා අධිකරණය අමතමින් කුවේටයේ සිට ඉන්දියාව දක්වා බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේ එම්.ටී.නිව් ඩයමනඩ් නෞකාව ගිනි ගැනීමට ලක්වූ බව දැනුම් දුන්නේය.

එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවෙන් කාන්දු වූ ඛනිජ තෙල් මීටර් දෙකක ඝනකමකින් සහ මීටර් 400 ක පළලකින් යුත් තට්ටුවක් වශයෙන් මුහුදු  ප්‍රදේශයේ නිරීක්ෂණය කළ හැකි බවත් තෙල් කාන්දුව හේතුවෙන් නැව ගිනි ගත් ස්ථානයේ සිට මුහුදු සැතපුම් දෙකක් දක්වා ප්‍රදේශයක මුහුදු ජලය දූෂණයට ලක්වී ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බවත් දිලීප පීරීස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (2)

ගිනිගත් නෞකාවේ කපිතාන්ට මහාධිකරණයේ නඩු පවරයි

KK Thursday, 08 October 2020 11:01 AM

මේ මනුස්සයා මොනවා කරන්නද නැව ගිනි ගැනීමට. කපිතාන් නැවත ගිනි තිබ්බා.

:       1       6

WCA Friday, 09 October 2020 06:47 AM

මේක අනතුරක්නේ... කොහොමද නඩු දාන්නේ? අනෙක ඕකට රුපියල් 5000.00 දඩ ගහයි. මොකද ඔය මහ ලොකුවට නඩු දැම්මට ඕවාට තියෙන නීති පරණයි. ඉතින් තියෙන දඩත් පොඩි ගාණක්. නැත්නම් කියයි අර සම්මුතියට, මේ සම්මුතියට අත්සන් කරලා තියෙන හින්දා නඩු දාන්න බෑ කියලා. හොඳම වැඩේ කොම්පැණියෙන් ගානක් අරගෙන ඕක ඉවරයක් කරන එක...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28465 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18194 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10949 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 679 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site