(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව, කිරිවැල්කැළේ ප්‍රදේශයේ නිවසකට ගිනි ඇවිලීමෙන් එම නිවසේ වයෝවෘධ කාන්තාවක මරණයට පත්ව ඇති අතර ඇයගේ ස්වාමියා ගින්නෙන් බේරී දිවි ගලවාගන ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ ගින්නට හසුවීමෙන් මරණයට පත්ව ඇත්තේ ආරච්චිකට්ටුව නල්ලදරන්කට්ටුව, කිරිවැල්කැළේ පදිංචි කොහිලගේ ගුණවතී නැමති 65 හැවිරිදි සිව්දරු මවකි.
මෙම දෙපළ වහලටත් වටආවරණ වලටත් පොල් අතු හෙවිලි කරගත් නිවසක ජීවත්ව ඇති අතර තම දරුවන් අවාහ විවාහව නිවසින් පිට ජීවත්වන බව සිදුකළ විමර්ෂණ වලදී තහවුරැ වී ඇති බව පොලීසිය පවසයි.
ගින්නෙන් නිවස සහ එහි සියලු භාණ්ඩ සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව පොලීසිය පවසයි.
නිවසට ගින්න පැතිරී ඇති ආකාරය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැති අතර මරණකාරියගේ ස්වාමියා වන එම ලිපිනයේහිම පදිංචි 70 හැවිරිදි ලුවිස්ගේ විමලසේන සිහිසන් වීම හේතුවෙන් තොරතුරු ලබා ගැනීමට නොහැකිව ඇති බව පොලීසිය පවසයි.
ගිනි ඇවිලුනු නිවසට ඉදිරිපස නිවසේ අසල්වැසියකු මෙම නිවසේ ගිනි ඇවිලෙනු දැක වහා එම ස්ථානයට පැමිණ බලන විට නිවස අසලට නොපැමිණිය හැකි තරම් ගිනි ජාලාවක් ඇවිලි තිබීම හේතුවෙන් අසල්වාසි කීපදෙනකුගේ ආධාර ඇතිව නිවසට ජලය ඉස ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පැවසේ .
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගින්නෙන් සිව් දරු මව මරුට