
(කේ බුද්ධික කුමාරසිරි)
සිය අනියම් පෙම්වතා සමඟ නවගමුව ප්‍රදේශයේ හොල්මන් මන්දිරයක් බැලීමට ගොස් සිටියදී එහි මිනී පෙට්ටියේ වැතිර සිටි තරුණියගේ විවාහක සැමියා ඇය හඳුනාගෙන පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඇතිවූ ගැටුමකදී අත්අඩංගුවට ගත් දොළොස් දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අද නියෝග කළාය.
මෙලෙස ඇප මත මුදාහන ලද්දේ නවගමුව රණවල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19ත් 24ත් අතර තරුණයන් දොළොස් දෙනෙකි.
නවගමුව රනාල ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් පොසොන් පොහොය නිමිත්තෙන් හොල්මන් මන්දිරයක් ඉදිකර තිබූ අතර එය නැරඹීම සඳහා 21 කාන්තාවක් ඇයගේ පෙම්වතා සහ තවත් තරුණයන් පිරිසක් සමග (23) දින පැමිණ ඇති බවට අධිකරණයේදී කියැවිණි.
එම පිරිස හොල්මන් මන්දිරය නරඹමින් ඒ තුළට යන අවස්ථාවේදී මිනී පෙට්ටියක් මත වැතිර සිටි පුද්ගලයා තම විවාහක සැමියා බව ඇය හඳුනාගෙන ගෙන ඇත. මළ මිනියක් ලෙස සිටි පුද්ගලයාද අදාල කාන්තාව හඳුනාගෙන ඇති බවත් එම අවස්ථාවේදී මෘත දේහය ලෙස සිටි පුද්ගලයා වහා නැගිට කාන්තාවගේ හිස් කෙටියෙන් අල්ලා පහර දීමට තැත් කිරීම නිසාවෙන් මෙම ගැටුම ආරම්භ වී ඇති බව මෙහිදී පොලිසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කරන ලදී.
අදාළ කාන්තාව සහ මෘත දේහ ලෙස පෙනී සිටි පුද්ගලයා විවාහ ගිවිසගෙන ඇතිමුත් කාලයක සිට වෙන්ව ජීවත්වෙන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය.
එම කාන්තාවට පහරදීමට තැත් කිරීමත් සමඟ ඇය සමග සිටි අනෙක් තරුණ පිරිස ද හොල්මන් මන්දිරයේ සිටි පුද්ගලයන්ට පහර දීම සමග හොල්මන් මන්දිරයේ හොල්මන් ලෙස සිටි තරුණයන් ද එම පිරිසට පහරදීම නිසාවෙන් විශාල ගැටුමක්හටගෙන තිබූ බවද පොලිසිය මෙහිදී අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී.
ඒ අනුව හොල්මන් මන්දිරය සංවිධානය කරන පිරිස විසින් නවගමුව පොලිසියට ප්‍රථමයෙන් පැමිණිලි කර ඇති බවත් අනෙක් පිරිස පසුව පැමිණි කර ඇති බවත් සිද්ධියට මුල් වු තරුණියගේ පියා ඉහළ පොලිස් නිලධාරියකු වන බැවින් ඔහුගේ මැදිහත්වීම මත පැමිණිලි සහ විත්ති පාර්ශ්වය වෙනස්වීමට ලක් වී ඇතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කමල් විජේසිරි මහතා අධිකරණයට දැන්වීය.
එමෙන්ම පහර දීමට සම්බන්ධ දෙපාර්ශවයේම පුද්ගලයන් හය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවද මෙහිදී අනාවරණය විය.
2025 නොවැම්බර් මස 21
123
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
202
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1066
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ගෑනු හුටපටයකට හොල්මන් මන්දිරයේ යක්කු ගහ ගනිති
Rashmi Tuesday, 25 June 2024 10:51 AM
"කාලයක සිට වෙන්ව ජීවත්වෙන බවත් නීත්‍යානුකූලව වෙන් වී නොමැති බවත් මෙහිදී කරුණු ඉදිරිපත් විය" මෙතන වැරදිකාරයා විදියට මට නම් පේන්නේ මිනිය. ඒ කියන්නේ ස්වාමියා කියන පුද්ගලයා.
fairoos Tuesday, 25 June 2024 11:33 AM
අපේ බමුණූආරච්චිගේ කට්ටිය වගේ කන්න නැතත් අනියම් පෙම නම් හැමතැනම
Manina Bamuna Tuesday, 25 June 2024 02:56 PM
ආරංචිය සුබයි ! මුත්තට අසුබයි !
Lionel premarathne Tuesday, 25 June 2024 03:09 PM
නියම පෙම මිනීපෙට්ටියෙ නම් ,වෙන මොනවා කරන්නද. ගේනුලමයා හරි