IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


ගැමි කවි

01 ඔයේ වතුර ගියමුත් පරඬල් එක්ක
ගෙඟ් වතුර ගියමුත් කුඩමසු එක්ක
මලේ සුවඳ ගියමුත් බඹරුන් එක්ක
මලේ මම කියමි සිවුපද නුඹ එක්ක
02 වතුර වැසි නැතුව රට ගිනි වැදි ච්චි
වපුල ගොඩ බෝග කුරහන් මැරි ච්චි
කතරගම දෙවිඳු දිවැසට නොපෙනි ච්චි
නපුරු කලක් දැන් අපහට පැමිණි ච්චි
03 විසිරි ය අසසිරි පිරිකුඹු බා ලේ
ඉසුනි ය ගෝමර මල්පෙති දෑ ලේ
දසති ය හැමසරි දෙවිඳුනි මෙකා ලේ
අසනු ය වියතුනි කලගෙඩි මා ලේ
04 දවස ක් ගෙන යන කොට හැම වේ ලේ
වයස ත් සිදුඋනි කල තම ලී ලේ
ගියඅ ත් නොහැරම රැක දෙති බා ලේ
පවස න් පද බැද කලගෙඩි මා ලේ
05 රුව න් අනගි රුව දරමින් ආ ලේ
එර න් රුවින් ලද සිටගණ පා ලේ
පොව න් අමා මුම පද රස ආ ලේ
අසන් න වියතුනි කලගෙඩි මා ලේ
06 රැක් කා සේ වඳුරන් සිටග ල්ලා
නිස් කා රේ දෙඩුවත් නොගනි ල්ලා
මක් කා කීවත් වරද නොග ල්ලා
අක් කා වරුසිට කලපිඹ ප ල්ලා
07 මල්ලිත් මමත් තනියම යන ඕවිට
අනිනා මී ගොනෙක් ආවයි ඉස්සර
වටපිට බැලිමු ගසකුත් නැත නගින්න
පිටපොට ගසා නැග්ගෙමු තුත්තිරි ගස
08 සූරිය උදාවන තුරු පිණි බෑ විල්ල
පාරුව පදින තුරු සයුරේ සෙල විල්ල
මාරුව බල බලා සිත යට කැර විල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත් රැව විල්ල
09 දුක් පත් කම කාට කාටත් ඇති වී
ඇත්තක් මය ඒ ගැන මොනවට දුක් වී
එක්සත් කම සමග තිබුණොත් ගුණ දහ
දුක්පත් කම මැකෙයි රිවි දුටු පිනි සේ
10 දෑසා නැත නින්ද අලි ඇතු පන්නා ලා
පාසා නැත ඉන්න පැල තුළ ගිනි තැප ලා
ආසා නැත කන්න අල බතලත් මෙක ලා
මාසා ඉල් මසේ උගුලයි අල බත ලා
11 තොසන් වඩන අඟනෝ ලොව සිරි යේ
අසන් මෙමා කී කවිපද සරි යේ
වසන් නොකර පවසන් ඇති සැටි යේ
අසන් න කලගෙඩි පිඹිනා සැටි යේ
12 වත්කම් නිලතල ද නම්බුව ඇති පරි දී
රැස්කර තබති සමහරු කරමින් වැර දී
විස්කම් පාති අඟනුන් හොඳ කාලේ දී
ලොක්කන් හටත් බොහො සුට්ටන් ගෙන් වර දී
13 හඳ පානේ නරකද මීගමු යන්
එම පානේ නරකද වෙළඳම් ගන්
බැරි රාලේ කරවල ගඳ උසුලන්
මතු වාරේ නොපතන් මීගමු යන්
14 සස්සඳ සසඳ දිය මතු පිට තිබෙයි කො
සස්සඳ සසඳ දිය පල්ලේ තිබෙයි අ
වැස්සට පිනි බබා මෝරන කැකුළු ම
මස්ටක යන්ට මුතු කුඩයකි නෙළුම් ම
15 මලේ මලේ අර නාමල නෙලා වරෙ න්
අත්ත බිඳෙයි පය බුරුලෙන් තබා වරෙ න්
කැලණිගෙඟ් ඔරු යාදෝ බලා වරෙ න්
සාදු කාර දී ඔරුවක නැගී වරෙ න්



අදහස් (1)

ගැමි කවි

Yoshani Monday, 18 September 2023 06:06 PM

අප ගැමිකවි අපි පුරාණ කාලයේ සිට පැවත එන දේවල් වේ...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site