
(ඩයනා උදයංගනී)
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට යළිත් පාසල් ආරම්භ කරන ලබන 21 වැනිදාට පෙර විසඳුම් නොලැබුණහොත් එදින සේවයට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි.
ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ 21 පාසල් විවෘත කරනවා ඊට පෙර ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ ගැටලුවට විසඳුම් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.
ඔහු මේ බව පැවසුවේ කොළඹ දී අද (8) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඒ සම්බන්ධයෙන් ඉදිරි දින 13 තුළ තීරණයක් ගැනීමට රජයට හැකියාව ඇතැයි කී මහින්ද ජයසිංහ මහතා එසේ නොකළහොත් ලබන 21 වැනිදා පාසල් ආරම්භ කරන විට මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තම වෘත්තීය සමිතිවලට සිදුවන බව ද සඳහන් කළේය.
සියලු විදුහල්පති හා පරිවෙණාධිපති රැස්වීම් වර්ජනය කරන්නට මේ වන විටත් වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇතැයි ද ඔහු කීවේය.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ පළමුවෙන් ආරම්භ කිරීමට නියමිත සිසුන් 200ට අඩු පාසල්වල විදුහල්පතිවරු අද (8) සාකච්ඡාවකට කැඳවා තිබූ නමුත් විදුහල්පතිවරු එය වර්ජනය කළ බවයි.
එවැනි කැඳවීම් සියල්ල වර්ජනය කරන බව අධ්‍යාපන ලේකම්වරයාට හා සියලු පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට ලිඛිතව දැනුම් දුන් බවද ඔහු පැවසීය.
ගුරු විදුහල්පති වෘත්තීය අරගලයට මේ වන විට දින 89ක් ගතවී ඇතැයි කී ස්ටාර්ලින මහතා මෙම කාලය තුළ රජයට විශාල වශයෙන් බලපෑම් කර තිබෙන බව ද ප්‍රකාශ කළේය.
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙහිදී පැවසුවේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් නොදී පාසල් ආරම්භ කරන්නේ නම් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර ඇති බවයි.
COMMENTS
දැන් නම් ඉතින් දරුවන්ගේ පැත්තෙන් බලන අපිත් අර උදුම්බරා දේවිව දිවුල් ගහේ නග්ගලා ගිය එකාගේ නම මතක් කරනවා. උගන්වන්න බැරි එවුන් පඩි ගන්නත් එපා. අවුරුදු 24ක් තිබුණ ප්‍රශ්නයක් තමුන්ට සතුටු විය හැකි යහපාලන ආණ්ඩුවෙන් වත් කරගන්නේ නැතුව හිටියේ මොකද? මේ කොරෝනා වසංගතය නිසා රට පමණක් නෙවෙයි ලෝකයම දුක් විඳින වෙලාවේ රටේ අනාගතය බිල්ලට දෙන්න තරම් කුහකයින් රැළක් ලෝකයේ කොහේවත් නැතුව ඇති. දැන් නම් මේ ඉන්නේ ගුරු දෙවිවරු නෙවෙයි (තවමත් හොරෙන් උගන්වන දෙවිවරු ඉන්නවා). මේ කතා කියන්නේ ශයිලොක් පරපුරේ මස් කාපු අයයි. මේ අයත් පරණ ගුරු දෙවිවරුන්ගෙන් ඉගෙන ගත්තා කියලාවත් මතක නැද්ද?
මේ අපතයින්ට වැහි නැති හෙණ ගහන්න ඕනේ... අනාගතය බාරගන්න ඉන්න අහිංසක දරුපරපුරට කරන මේ අපරාදයට නම් මේ අයට කවදාවත් සමාවක් දෙන්න හොඳ නෑ.
මේ අය කෙසේ ගුරුවරු වුයේද? මුහුනෙන්ම පේනවා නේද ගුරුවරුද ගුරුහොරුද කියලා. දරුවන්ගේ අනාගතේ එහෙම් පිටින්ම විනාශ කරන අය. අප රටේ මුල් පුරවැසියාට මෙසේ යෝජනා කරන්නෙමු. පාර්ලිමේන්තුවේ 2/3 බලයක් තිබෙන මේ මොහොතේ රටේ අනාගතය වෙනුවෙන් මෙම අදහස් හැකි ඉක්මනින් අවශ්‍ය පරිදි සම්මත කරගෙන හැකි ඉක්මනින් රජයේ ආයතන සංග්‍රහයට අතුලත් කරන මෙන්ය. " ඕනෑම රජයේ සේවකයකුට වර්ජන කිරීමේ නිදහස මෙන්ම 100% වර්ජනය කිරීමට අයිතියක්ද ඇති බවත් එසේ වර්ජනය කරන කාලය තුල කිසිදු රජයේ සේවකයකුට කිසිදු ගෙවීමක් නොකරන බවත් වර්ජනය අවසන්වී නැවත සේවයට වාර්තා කරන දින සිට අදාළ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම් සිදු කරන බවත් වර්ජනයේ යෙදුනු කාල වකවානුව වැටුප් රහිත ලෙස සැලකෙන බවටය. මෙමගින් කිසිදු රජයකට අනවශ්‍ය වර්ජන තර්ජන වලින් මිදී රටේ දියුණුව වලකන වර්ජන රැල්ලට තිත තැබිය හැක. ලක්මවට යහපතක්ම වේවා.
නියම ගුරුවරුන්ගේ සටන පාවාදී ඇත. දුටු තැන සමාජයෙන් කොන්කළ යුතුමය.
එකම විසඳුමයි තියෙන්නෙ. අර ජේ.ආර්. මහතා කළා වගේ සේවයට නොඑන අය සේවය අතහැර ගියා සේ සැළකීම. මෙයාලා වගේ අන්තවාදීන්ට වෙනත් විසඳුම් නෑ. ආණ්ඩුවත් දැන් වැනෙනව වැඩියි.
මමත් කිරිපුතා සමඟ එකඟයි. දේශපාලනයට යට වුනු අධ්‍යාපන ක්ෂේත්‍රයම විනාශ කරන්නේ මේ විනාශකාරී පන්ති පහේ සාමාජිකයින්. (සයිටම් වහන්න කියල නටපු අන්තරේ ,අවුරුදු 23ක් රජයේ වියදමින් අධ්‍යාපනය දීලත් රජයේ රැකියාම ඉල්ලන රටට බරක් වූ අන්තෙරේ, සියල්ල පන්ති පහේ සාමාජිකයින් ) සියලුම වුර්තිය සමිති වල දේශපාලන ය තනහම් කලයුතුයි............පොදු පෙරමුඅන, සජබ, යූ.එන්.පී ජවිපෙ වේවා සියලුම වුර්තිය සමිති වලින් කරන්නේ තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වලට වැඩ කිරීම මිසක් රටේ යහපත පිණිස දෙයක් කිරීම නෙවයි. මේ රට මේ වගේ වල් වදින්න ලොකුම හේතුවක් මේක
මේ මිනිස්සු හරියට උගන්වනවා නම් රටේ ජනප්‍රිය පාසල් ,ජනප්‍රිය නොවන පාසල් කියල තියෙන්න හේතුවක් නැහැ..සෑම දරුවෙකුටම අධ්‍යාපනය සමව බෙදිලා යන්න ඕනේ .බහුතරයක් ගුරු වෘර්තියට යන්නේ සවස 2කට ගෙදර එන්න පුළුවන් කම නිසා .මම කියන්නේ ගුරු වෘර්තියට සුදුසුකම් ලත් (මාස්ටර් ) වත් තියෙන අය බඳවා ගෙන මේ ආල පාලු දේශපාලනික කොට්ටාශය සේවයෙන් නෙරපීම
මොහු මහ මැතිවරණය ජවිපෙ වෙනුවෙන් තරඟ කර අන්ත පරාජයක් ලැබුවා. ඒකේ වාඩුව ගන්නේ සිසු දරුවන් ගෙන්. මොහුව මෙහෙයවන අය ගැන හිතා ගන්න පුළුවන්නේ.
පොඩ්ඩක් හොයල බලන්න දෙමල,මුස්ලිම් ඉස්කෝල ඔක්කොම හොදට උගන්වනවා .මේ කාලකන්නි හැමදාම සිංහලයට තමයි කෙලින්නේ
ගුරුවරු මේ කරන්නේ ඔන්ලයින් කම්පැණි කාරයින්ගේ කොන්ත්‍රාත්තුවක්ද කියලා හොයලා බලන්න. පාසල් වහනවා කියන්නේ ඔන්ලයින් ආයතනවලට විශාල ආදායමක්...
හිතක් පපුවක් නැති අය .අඩුම තරමින් රටේ දරුවන් ගැනවත් හිතන්න බැරිද .නිකන් ඉඳන් පඩි ගන්න එකම මදිද ?
ගුරු සංගම් කියන්නේ මුදල් ඇමති සමග සාකච්චාවක් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ලබා දෙනවා කියලා කිවුවලු. එහෙත් දැන් එය නොකර පාසල් පවත් වීමට තීරණය කරලලු. මුදල් ඇමති, අගමැති හෝ ජනපති මේවාට මැදිහත් නොවීමත් අඩුවක් කියලයි හිතෙන්නේ.
මේ සමිති සමාගම් නායකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින් තරම් කුහකයෝ රැළක් මගේ ජීවිතේට දැකලා නෑ. මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙන ( වැඩි දෙනෙක්) ඒ ඉනි මගෙන්ම උඩට නැගලා රටේ ඉන්නා වත්මන් දරුවන්ට ඒ ඉනිමග අහිමි කරනා කුහකයෝ රැළක්. මුන්ට නම් තවදුරටත් ගුරු බැතියෙන් කතා කරලා වැඩක් නෑ. මුන් තමන්ගේ වාසියට මස් රාත්තල දෙනකම් දඟලන මස් වැද්දෝ රැළක් විතරයි. අපේ දරුවන් ගැන මුන්ට කිසි අනුකම්පාවක් නෑ. දරුවන් ගැන අනුකම්පාවෙන් උගන්වන්න හදන ගුරුවරුන්ට පවා විරුද්ධ මේ වගේ උන් මේ ආත්මයේම මේ කරන පවු පල දීලා ඉවර වෙන්න කියලා තමයි දැන් නම් හිතන්නේ.
කිරි පුතා මයා වෙත. ඔබගේ අදහස් නිවැරදිය. දැන් නම් "මුන්ට ( නායකයන් යයි කියන බූරුවන්ට)" බබා න්‍යාය හරියන්නේ නැත. අප ජෙ ආර් ගේ දුටු සාධනීය කරුණු දෙකක් ඇත.එකක් හාල්පොත නැතිකිරීම ,අනික වර්ජනවලට දුන්නු පිළිතුරු..
මුං යහ පාලකයන්ට කඩේ ගිය අය. මේ වෙලාවෙ ආර්ථිකව රට වැටිලා බව කවුරුත් දන්නවා . ඒ අතරෙ රජය තව දුරටත් අමාරුවේ දාන්න ඩොලර් කාකයන් පහුගිය දවස්වල කෝටි 75 ක මුදල් එව්වේ මේකට තමා. මහජනතාව ඒක තේරුම් ගෙන ඉන්නෙ . අපේ පොඩි එවුන් වෙනුවෙන් අපි පාරට බහිනවා.
මේ කට්ටිය දන්නවා 21න් පස්සේ ගුරුවර්ජනය දියාරු වෙනවා කියලා. හිත හොඳ ගුරු දෙවිවරු වැඩට යන්න ගත්තාම ස්ටාර්ලින් විතරක් ඉතුරු වෙයි... රජය 21න් පස්සේ ගන්න තීරණ ස්ටාර්ලින්ට හිතාගන්නවත් බැරිවෙයි..
තමන්ට බොහෝ කලක පටන් දැඩි අසාධාරණ වෙන නිසයි, ගුරුවරුන් මෙලෙස කරන්නේ...
ඉල්ලන් කන්න හදන්නේ... ඕනේම රස්සාවකට නොදන්වා නාවොත් එ්වාගේ ප්‍රතිවිපාක ඔවුන්ටම විඳින්න වේවි...!!!
උද්ඝෝෂණය කිරීම වරදක් නෑ.. සේවයට වාර්තා කළ යුතුමයි. ඒ මොකද ගුරුවරුන්ට රජයෙන් පඩි ගෙවනවා. පඩි අරගෙන ජොබ් එකට එන්නේ නැතිව වර්ජනය කරන අය සේවයෙන් නෙරපා හැරිය යුතුමයි. අධ්‍යාපන අමාත්‍යාංශය කියන්නේ ආයතනයක්... ඒකේ අයිතිකාරයෝ රටේ මහජනතාව... ඔවුන්ට වැටුප් ගෙවන්නේ මහජනතාවගේ මුදල්වලින්. රටේ ආර්ථිකය මහජනතාවට ගෙවන්න පුළුවන් පඩිය තමයි දීලා තියෙන්නේ. නැතිනම් අස්වෙලා යන්න. වෙන අය දාලා ළමයින්ට උගන්වන්න පුළුවන්.
අපි පුද්ගලික අංශයේ අය මහන්සිවෙලා ලෙඩවෙයි කියලා බයෙන් වුණත් වැඩ කරලා, බදුගෙවලා එකතුවෙන මුදලුයි අර රට ඉන්න සහෝදරයින් හා සහෝදරයින් දහදුක් විඳලා එවන මුදලුයි එකතු කරලා මේ අයට පඩි ගෙව්වා පහුගිය කාලේම... ඒත් මේ අය උද්ඝෝෂණ කරන්න කියලා ගිහින් රස්තියාදු ගහලා නිකන්ම ඉඳලා පඩියත් එපා කියන්නේ නැතිවම අරගත්තා. එන්නතත් මුලින්ම ගහගත්තා. ඒකට අකමැති ගුරුවරු කැමැතියි ඇවිත් වැඩකරන්න. නමුත් මේ සුළු පිරිස ඒකටත් ඉඩ දෙන්නේ නැහැ. මේ නායකයින් කියන නිවටයින්ට ගහන්න ඕනෑ මඩුවලිගයෙන්...
ජේ ආර් මහතාගේ විදිහට තමයි ගුරුවරුන්ට සලකන්න වෙන්නෙ.
ජනප්‍රිය පාසල් කියලා සදහටම එකම පාසලේ ඉන්න හදන අයත් ඉන්නවා.. අලුතින් ළමයෙක් පාසලට දාන්න ගියාමත් පගාවක් ගන්න හදන, ගෙවල් ගානේ ගිහින් හම්බ කරන ටියුෂන් ගුරාලා වැඩිපුරම ඉන්නේ? සේවය අතහැර ගියාසේ සලකලා වැටුප් කපලා දැම්මත් මදි. ළමයින්ගෙන් පළිගැනීමක් සිද්ද වෙන්නේ...?
21 වැනි දින සේවයට වාර්තා කළේ නැත්නම් සේවය හැර ගියා සේ ලිපි තැපැල් කර තරුණ උපාධිධාරින් ගුරුවරු, ගුරුවරියන් සේ බඳවා ගන්නා මෙන් රජයට යෝජනා කරමි. රජය බියවීමට කරුණක් නැත.
රැකියාවට එන්නේ නැතිනම් වැටුප් දෙන්න එපා.. දවස් 14ක් පැන්න ගමන් පරිපාලන රෙගුලාසි 191 යටතේ සේවය අතහැර ගියා සේ සලකන්න...
අපේ රටට කිසිම සුගතියක් නැත්තේ දූෂිත, බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවෝයි.. මේ වගේ කාලකන්නි වැඩ කරන අය හින්දා..