(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර පිටිය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයෙන් මහජන පීඩා සිදුවන බවට පොලිසිය ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලබන 10 වැනිදා ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (06) නියෝග කළාය.
පැමිණිලිකරුවන් සහ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින දෙපාර්ශවයේ එකඟත්වය මත මෙම නඩුව ලබන 10 වැනිදා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි සමීන්ද්‍ර වික්‍රම මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd