
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන් අයවිය යුතු රුපියල් 13,904,589 ක නගර සභාව අයකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරයි.
එම ගාස්තු අයකර ගැනිමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ සම්බන්දයෙන් ගාල්ල මහනගර සභාව විසින් විගණනයට සදහන් කොට ඇත්තේ නොගෙවන ලද දැන්විම් පුවරු සදහා අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරමින් පවතින බවය.
COMMENTS
පුවරුවලින් නගරවල් පිරිලා පුවරු කැලෑවක්, ඇත්තටම හරිම අවලක්ෂණයි. මේවාට සීමාවක් තිබිය යුතුයි. එක වයාපාරයකට එකක් ඇති විකුණන හැම එකක්ම පුවරු එල්ලීම සුදුසු නෑ. සමහර කඩවල හත අටක් තියෙනවා. මං මේක ප්‍රංශ ජාතික මිතුරෙක් පුවරු කැලෑවක් කියපු නිසයි මටත් ඒකේ අවලක්ෂණ දැක්කේ ඒකයි මේ අදහස, "කමෙන්ටුව"