(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල ධිවර වරායේ ගාල්කොට තිබු පැරණි භාවිතයට නොගත් බෝට්ටු කිහිපයක අද (10) පෙරවරුවේ ඇති වු ගින්නක් හේතුවෙන් බෝට්ටු හතරක් දැවි විනාශවි ගොස් ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
ගිනි ගැනිමට ලක්ව ඇති බෝට්ටු මුදල් විශුද්ධිකරණ පනතේ යටතේ අධිකරණ නියෝග මත ගාල්කොට තිබු බහුදින යාත්‍රා බවද ගාල්ල ධිවර වරායේ ධිවරයො පවසති.
මෙකි බහුදිනයාත්‍රා වසර 15කට අධික කාලයක සිට ධිවරවරාය පරිශ්‍රය තුල ගාල්කොට ඇති බවද ධිවරයෝ කියති.
නාවික හමුදාව, ගාල්ල මහනගර සභාවේ ගිණි නිවන ඒකකය, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ධිවර ප්‍රජාව එක්ව ගිනන් මැඩපැවැත්විමට කටයුතු කරණු ලැබිය.
ගින්න නිවා දැමිම සදහා නාවික හමුදා කණ්ඩායමක් යොදවා තිබු අතර ගාල්ල මහනගර සභාව විසින් ගිණි නිවන රථ දෙකක් එම ස්ථානයට යවා තිබුණි. මෙම ගිනි ගැනිමට හේතුව නිශ්චිතව තවමත් අනාවරණය වි නොමැති බව පොලිසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ගාල්ල ධීවර වරායේ ගින්නක්