IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


ගැළපෙන්නේ නැහැ කියලා හිතන දේවල් මම අත්හරිනවා

 

20160607Nisansala-3

 

මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගනු ලබන්නේ නව පරපුරේ යොවුන් මෝස්තර නිරූපිකාවක වූ මධුෂානි ලක්මිණිය. මීට දෙවසරකට පෙර නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ඇය මේ වනවිට ක්ෂේත්‍රය තුළ නමක් දිනාගැනීමට සමත්ව තිබේ. නිරූපිකාවකට අමතරව ඉදිරියේදී රංගන ශිල්පිනියක් වීමේ අදහසකින්ද සිටින මධුෂානි අපට පැවසුවේ මෙවැනි අදහස් පෙළකි.

 

20160607Nisansala-1මධුෂානි ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

2012 අවුරුද්දේ. රොසෑන් ඩයස් මහත්මියගේ 'යූත් මොඩල්' ඇකඩමිය හරහා තමයි නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ.

 

මේ අවුරුදු දෙක තුළදී?

වැඩිපුරම කළේ විලාසිතා දැක්මවල්වලට සහභාගී වුණ එක. ඊට අමතරව පොටෝ ෂූට්වලට පෙනී ඉන්න එක.

 

නිරූපිකාවක් වුණාහම අද බොහෝ දෙනෙක් කරන්නේ ගීත රූප රචනාවලට පෙනී ඉන්න එක. මධුෂානිට එවැනි ආරාධනා ලැබුණේ නැද්ද?

නැහැ ආරාධනා නම් ගොඩක් ලැබුණා. ඒත් ඒ ආරාධනා අතර බොහොමයක් තිබුණේ මට ගැළපෙන්නේ නැ කියලා හිතෙන ආරාධනා. මම සාමාන්‍යයෙන් මට ගැළපෙන දේ තමයි කරන්නේ. ඒ නිසා ඒ ලැබුණ ආරාධනා මම ප්‍රතික්ෂේප කළා.

 

ඒ කියන්නේ රඟපාන්න කැමති නැහැ කියන එකද?

නැහැ. රඟපාන්න ගොඩක් කැමතියි. ඉදිරියේදී මියුසික් වීඩියෝ වගේ මට ගැළපෙනවා කියලා හිතන ආරාධනාවක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒ නිර්මාණයට සම්බන්ධ වෙනවා.

 

ටෙලිනාට්‍යය, චිත්‍රපටවලට එකතු වෙන්න කැමති නැද්ද?

ටෙලිනාට්‍යයවල රඟපාන්න කැමතියි. ඒත්, චිත්‍රපටවල රඟපාන්න කැමති නැහැ.

 

ඒත්, මධුෂානිට තියෙන්නේ වෙනම හීනයක්?

ඔව්. නිවේදිකාවක්, වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරන්න ආසයි. ඒක මගේ හිතේ තියෙන ලොකුම හීනයක්.

 

පුංචි කාලේ තිබුණේ?

ගුරුවරියක් වෙන්න. නමුත්, අහම්බෙන් නිරූපණ ක්ෂේත්‍රයට එකතු වෙන්න ලැබුණා. ඒත්, අද මම නිරූපිකාවක විදිහට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

 

20160607Nisansala-2ඔබ වගේ අලුත් කෙනෙකුට මේ ක්ෂේත්‍රය හොඳද?

ඔව්, ඇත්තටම හොඳයි. ඒත්, ඉක්මනින් ජනප්‍රිය වෙන්න කියලා වැරදි මාර්ගය තෝරගත්තොත් මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න බැහැ. හෙමින් හරි තමන් හොඳ මාර්ගය තෝර ගෙන යනවා නම් මේ ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න පුළුවන්. තව දෙයක් තියෙනවා. ක්ෂේත්‍රය තුළ රැඳෙන්නේ නම් මේ පිළිබඳව හැදෑරීමක් කරන්න ඕනා. ඒ වගේම නවක අපි නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රවිණයන්ට ගරු කරන්න ඕනා. ඒ අයගෙන් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා.

 

දිගටම මේ ක්ෂේත්‍රය තුළ කටයුතු කරන්නද අදහස?

ඔව්. ඒත්, යම් කාලසීමාවක් තමයි අපිට නිරූපිකාවක විදිහට වැඩ කරන්න පුළුවන්කම ලැබෙන්නේ. හැමදාම මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්නේ බැහැ.

 

පවුලේ අයගෙන් ලැබෙන සහාය?

කියලා නිම කරන්න බැහැ. මගේ අම්මා තමයි මගේ ආරක්ෂකයා. ඇය තමයි මාත් එක්ක නිතරම මේ වැඩවලට සහභාගී වෙන්නේ. ඊට අමතරව පවුලේ අනිත් සාමාජිකයන්ගෙනුත් ලොකු සහයක් මට නිරතුරුවම ලැබෙනවා.  

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ප්‍රදීප් කුමාර

 

20160607Nisansala-4

 

20160607Nisansala-5

 

20160607Nisansala-6

 

20160607Nisansala-7

 



අදහස් (0)

ගැළපෙන්නේ නැහැ කියලා හිතන දේවල් මම අත්හරිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site