IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


ගස් යැවු වැඩිම පිරිස නුරි වත්තෙන්

ශ්‍රි ලංකාවේ වැඩිම පිරිසකට එක්වර මරණ දඩුවම හිමි වුයේ දැරණියගල නුරි වත්තේ නඩුවේදීය. වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා පාතාලයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළ නොරිස්සු මැරයෝ පිරිසක් දේශපාලන රැකවරණ ලබමින් වතු අධිකාරි  කුරිරු ලෙස මරා දැමුහ.

ඊට කලින් වැඩිම පිරිසකට මරණ දඩුවම නියම වුයේ නුවරඑළියේ දීය.  ඒ පසුගිය අගෝස්තු මාසයේ දීය. එකම පවුලේ හත් දෙනෙකුට මරණ දඩුවම නියම විය.

1996 යාපනයේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතන නඩුවේ සෙබළු පස් දෙනෙක් හා කොස්තාපල්වරයකු පෝරකයට නියම කරනු ලැබුහ.

පසුගිය හතළිස් වසරේ ශ්‍රී ලංකාවේ මරණ දඩුවම ක්‍රියාත්මක නොවීය. පෝරකයට නියම වු 600 ට ආසන්න පිරිසක් සිටිති.



අදහස් (0)

ගස් යැවු වැඩිම පිරිස නුරි වත්තෙන්

රෝහිත Friday, 25 November 2016 04:18 PM

කොහොමද වැඩ. හාල්මැස්සෝ විතරක් නැතුව මෝරුත් අල්ලන්න ඕනෑ (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Friday, 25 November 2016 04:33 PM

මොනතරම් අවාසනාවන්තද? ඡන්දදායකයෝ දේශපාලකයින් පත්කරන්නේ ජනතා සේවයට. මැරයින්ට අනුබල දෙනවා මිනීමරන්න. ඊටපස්සේ රැකවරණයත් දෙනවා. අසාධාරණයට විරුද්ධව කතාකළොත් මරාදමනවා. (නි)

:       0       0

වික්‍රම Saturday, 26 November 2016 10:48 PM

දැරණියගල පොලිසියේ රාජකාරිය පැහැරහැරි නිලධාරීන්ට විරුද්ධව කිසිම පියවරක් නොගන්නේ මොන හේතුවක් නිසාද? ස්ථානමාරු පමණක් ප්‍රමාණවද්ද? (නි)

:       0       0

නන්ද Friday, 25 November 2016 05:24 PM

එසේ දේශපාලන රැකවරණ දුන් දේශපාලකයා කවුද? (නි)

:       0       0

විකුම් Saturday, 26 November 2016 10:58 PM

අතකොටාට සෙවණදුන් සබරගමුවේ ප්‍රබල දේශපාලුවාට එරෙහිව රජය කිසිම පියවරක් නොගන්නේ මොකද? තවත් අතකොටෙකු සහ මැරකල්ලියක් ඇතිකිරීමේ බලාපොරොත්තුව තියන නිසාද? (නි)

:       0       0

විකී Sunday, 27 November 2016 12:54 AM

ජනාධිපතිතුමනි, ඔබතුමාගෙන් හොඳ ප්‍රතිචාරයක් සියලු ලක්වැසියන් බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

ටෙනිසන් Sunday, 27 November 2016 01:15 AM

මේක නම් ඉතිහාසගතවෙන තීන්දුවක් වෙයි (නි)

:       0       0

වික්ටර් Sunday, 27 November 2016 01:14 AM

නූරි වත්තේ වතුඅධිකාරී නිහාල් පෙරේරා මහතා ජීවිතය බිලිදුන්නේ රජයේ දේපොළ රැකීමට ගොස්ය. ඊටපෙර නූරි වත්තට පත්වුණු වතු අධිකරවරුන් ස්ථාන මාරු ගෙන වෙන වතුවලට ගියහ. ඊට හේතුව අතකොටාගේ තර්ජන ගර්ජනය. රජය අතකොටාට සහය දුන් අය ආරක්ෂා කරන්නේ මොකද? (නි)

:       0       0

විජේ Sunday, 27 November 2016 01:28 AM

අතකොටාගේ මැරකල්ලිය ඉදිරියේ දැරණියගල පොලිසියේ තරු, ඔටුනු පැළඳගත් දළකාරයින් කැනහිලුන් බවට පත්වුණේ කෙසේද? (නි)

:       0       0

ඉන්දික Sunday, 27 November 2016 01:58 AM

මේ තීන්දුවට අපේ ප්‍රණාමය! (නි)

:       0       0

විකුම් Sunday, 27 November 2016 01:59 AM

අතකොටාට සෙවණ දුන්නේ කෑගල්ලේ පදිංචි, සබරගමුවේ දේශපාලුවෙක් බව ආරංචියි (නි)

:       0       0

රන්ජිත් Saturday, 26 November 2016 12:07 AM

මරණ දඬුවම ක්‍රියාත්මක කළේ නැත්නම් අපරාධ අඩුවෙන්නේ නැහැ. මරණ දඬුවමට විරුද්ධ වෙන්නෙත් අපරාධකාරයන්ගේ සල්ලි වලින් යැපෙන සංවිධාන තමයි (නි)

:       0       0

සෑම් Saturday, 26 November 2016 12:55 AM

අවාසනාවන්ත දේශපාලුවෝ පහුගිය කාලේ ලංකාවම පාතාලයක් කළා. (නි)

:       0       0

නලීන් Saturday, 26 November 2016 01:59 AM

ඔවු නන්ද සොහොයුරාණෙනි, ඔබ හරි. ඕනෑම කරන කෙනා මොන ආණ්ඩුවේ වුණත් කමක් නැහැ, නම දැනගන්නයි අපිටත් ඕනෑ (නි)

:       0       0

විකුම් Saturday, 26 November 2016 02:27 AM

උතුමාණෙනි, තංගල්ලේ මිනීමරුවන්ගේ මෙන් මෙයාලගෙත් නඩු තීන්දුව වෙනස් කරන්න එපා (නි)

:       0       0

ප්‍රියා Saturday, 26 November 2016 04:15 AM

වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා පාතාලයට එරෙහිව ගෙන ගිය වැඩපිළිවෙළ ඹහුගේ මරණින් පසුව හෝ ජයගෙන තිබීම ඹහු ලැබු ජයකි (හේ)

:       0       0

පෙරුමාල් Saturday, 26 November 2016 04:15 AM

කවුද මේ මිනීමරුවන්ට රැකවරණය දීපු ප්‍රධානින්.(හේ)

:       0       0

දයා රත්නායක Saturday, 26 November 2016 04:33 AM

මෙම තීන්දුව මලු රටම අගය කරනවා.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 654 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 348 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site