(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ගැස් පිපිරීම් සම්බන්ධයෙන් කුමන්ත්‍රණයක් ඇතැයි තමා කී ආකාරයටම විදුලිය සම්බන්ධයෙන් ද කුමන්ත්‍රණයක් ඇති බව තමන්ගේ විශ්වාසය බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (03) නිකවැරටියේ දී පැවසීය.
විදුලිය විසන්ධි වෙනවා. මාස ගණන් වහනවා. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ජනතාවට මේක දැනෙනවා. මොනවා හරි දෙයක් ඇතුලේ තියෙනවා කියලා. මොනව හරි තියෙනව. අර බෝම්බ තිබ්බ වගේ හැමදෙයක්ම එළිවෙයි කියලා අපි විශ්වාස කරනවා. අපේ ජනාධිපතිතුමා අඩබෙර ගහන්නෙ නැතිව ඒවා එළි කරන්න කටයුතු කරයි. ඕව ක්‍රියාත්මක කරන හැම කෙනෙක්ම බොහොම උපක්‍රමශීලීව පොලිසිය කොටුකර ගනියි. ඒ අවශ්‍ය නියෝග දැනටමත් ගිහිල්ල තියෙන්නේ.
අපි කියන්නේ මේ වෘත්තිය සමිතිවල අයටයි අනිත් හැමෝටයි මේ මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා. මේ තනිකරම යටි අරමුණු කුමන්ත්‍රණ මේ ක්‍රියාත්මක වෙන්නේ. මේවා කරන්න එපා කියලා මම ඉල්ලනවා. ඡන්ද වලට සධාරණව අපි මුහුණ දෙමු. මිනිස්සුන්ගේ කැමැත්තට අපි ඉඩ දෙමු. මිනිස්සු මරලා මිනිස්සුන්ගේ විදුලිය කපලා බලයට එන්න හදන්න එපා. ඒවා හරි වැරදියි.
දීපව්‍යාප්තව අද දින ක්‍රියාත්මක කෙරුණු "අයවැයෙන් වැඩ ලක්ෂයක්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
‘‘ගෑස් පිපිරීම - විදුලිය කැපීම දෙකම කුමන්ත්‍රණ‘‘
Demuni Uduwara Friday, 04 February 2022 04:13 AM
ඩොලර් හිඟය යනු කුමන්ත්‍රණයකි...!
Roshan Friday, 04 February 2022 04:50 AM
අනේ මේ...! නුඔලා තොත්ත බාබාලානේ...!
Perera Friday, 04 February 2022 05:06 AM
බඩු මිල වැඩිවීම... පොහොර නැතිව කුඹුරු, කෘෂි වගාවල් පුරන් වීම... ඒවත් ඔය කුමන්ත්‍රණවලට අයත්ද?
සමිත හිමි කුරුණෑගල Friday, 04 February 2022 06:08 AM
දැන් එතකොට ඔය ඇමති කියන්නේ අහිංසක පාරිභෝගික ජනතාව තමන් විසින්ම ගෑස් ටැංකි පුපුරුවා ගත්තා කියලාද? මෙහෙමත් ඇමතියන්...
sachith Friday, 04 February 2022 07:29 AM
කුමන්ත්‍රණයක් කරලා අහිංසක මිනිස්සුන්ගේ මාලකඩන් උඩින් පාලනය අරගෙන ආපහු කුමන්ත්‍රණ ගැන කියනවා...
වර්ණකුලසූරිය Friday, 04 February 2022 09:54 AM
පාලකයා පඹයෙක් බව කියන මොහොතකි. පුම්බාගත් චන්ඩිකමෙන් රටක් පාලනය කළ නොහැකි අතර තමන්ගේ මල්ල පමණක් පුරවා ගත හැකි බව අපි දනිමු.
Hafeel Friday, 04 February 2022 11:16 AM
එතකොට ජනාධිපතිට වඩා කුමන්ත්‍රණකරුවන් බලවත්... 69 ලක්ෂයේ ජනවරම වත්මන් ජනාධිපතිටද? නැත්නම් කුමන්ත්‍රණකරුවන්ටද? විලිලැජ්ජයි. ඩඩ්ලි සිරිසේනට බයවුණු පාලකයින්...!
Nihal Friday, 04 February 2022 11:17 AM
අපි ඒ ගැන වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කරලා විසඳුමකට එන්නම්. ගොඩක් ස්තුතියි.
Pradeep Kumara Friday, 04 February 2022 12:14 PM
රජයේ ඇමතිවරයෙක් කිවයුතු කතාවක්ද මේ...? දැන් කවුද එතකොට මේ කුමන්ත්‍රණ කරන්නේ.. විපක්ෂයද? එතකොට ආණ්ඩුවේ ඉන්න ඔබලා මේ කුමන්ත්‍රණ වලට එරෙහිව කරන්නේ කුමක්ද? කතා එපා.. වැඩ කරලා පෙන්වන්න.
sam Friday, 04 February 2022 12:44 PM
එහෙනම්, ඔබ තමයි ඒ කුමන්ත්‍රණය කරන්න ඇත්තේ.. අනේ යන්න. ඕවා ගිහින් කියන්න වෙන අයට...
C.K.Lankaputhra Friday, 04 February 2022 01:55 PM
ඔය කියන කුමන්ත්‍රණ පාලනය හෝ මර්ධනය කර රට ඉදිරියට ගෙන යන්න බැහැ කියන්නේ ආණ්ඩුව අසමත් කියන එක නේද ඇමැතිතුමෝ...? අට පාස් අයට මේක තේරෙන්නේ නැහැ වගෙයි අපට හැඟෙන්නේ...!
Rana Friday, 04 February 2022 03:04 PM
නැතුව.. නැතුව.. අර කුරුණෑගල පැත්තේ ගෙදරක හංගාගෙන හිටියා කියලා කියන එල්.ටී.ටී.ඊ. කාරයාගේ කතා වස්තුව වගේ මුසාවාදා නොවේ. මේක නම් විශාල කුමන්ත්‍රණයක්... ඔය අයව කටුඉඹුලේ යවන්න වහාම නීතිරීති හදලා අප්‍රමාදව ක්‍රියාත්මක කරන්න ඕනෑ... අනිවාර්යයෙන්ම නේද?
දාස Friday, 04 February 2022 03:07 PM
ෂුවර් එකටම JVP කාරයින් ඇති නේද ලොක්කා?
Buddika Friday, 04 February 2022 03:22 PM
ආ.. එහෙමද? එතකොට මේ රටේ ආණ්ඩුවක් නැතිව ඇති නේද? මෙයා ඉන්නේ විපක්ෂයේද? අර කුරුණෑගල බුවනෙකබාහු රජතුමාගේ ස්ථානය කඩපු එකත් කුමන්ත්‍රණයක් වෙන්න ඇති. මේ වගේ අය තමයි මේ රට කෑවේ...