IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගස් ගිය හයදෙනා බස්සන්නේ නැතිලු

මරණ දඬුවම් නියම වී ඇති ඉන්දියා ධීවරයින් පස් දෙනාට ජනපතිවරයා සමාව දීමට නියමිත යැයි ඇතැම් මාධ්‍ය කරන ප්‍රකාශයන් වල කිසිදු සත්‍යතාවක් නැතැයි ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පවසයි.

ඊයේ (12) ජනපතිවරයා අතර පැවැති හමුවකින් පසු අදහස් දැක්වූ ප්‍රභා ගනේෂන් මන්ත්‍රීවරයා ජනපතිවරයා ඉන්දියා සිරකරුවන්ට සමාව දීමට කැමැත්තෙන් සිටින්නේ යැයි පවසා සිටි බව ඇතැම් දේශීය මාධ්‍ය මෙන්ම විදෙස් මාධ්‍යන්ද වාර්තා කර තිබුණි.

ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග පවසන්නේ ප්‍රභා ගනේෂන් මන්ත්‍රීවරයා අතර පැවති හමුවේදී ජනපතිවරයා ධීවරයින්ට පනවා ඇති මරණ දඩුවම ජීවිතාන්තය දක්වා වන සිරදඩුවමක් බවට පත්කිරීමේ හැකියාවක් පවතින බව පමණක් පෙන්වා දුන් බවයි.

ඉන්දියා රජය ධීවරයින් පිරිස නිදහස් කරගැනීම සදහා අභියාචනයක් ඉදිරිපත් කරද තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ඉන්දියා මාධ්‍යවල සඳහන් වන්නේ ඉන්දියා රජය මුල සිටම ශ්‍රී ලංකා ජනපතිවරයා ධීවරයින්ට සමාව දෙනු ඇතැයි සිතා සිටි බවයි.නමුත් එසේ සිදුනොවුනු නිසා මෙසේ අභියාචනයක් ගොනු කිරීමට රජයට සිදුව ඇති බව එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකමය මට්ටමින් කටයුතු කිරීමට ඉන්දියා රජය අපේක්ෂාවෙන් සිටින බවත් එළැඹෙන 25 වැනිදා නේපාලයේදී පැවැත්වීමට නියමිත සාක් සමුළුවේදී ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මේ පිළිඹද මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගෙන් සෘජුව විමසීමට සිටින බවත් ඉන්දියා මාධ්‍ය වල දැක්වේ.



අදහස් (0)

ගස් ගිය හයදෙනා බස්සන්නේ නැතිලු

කරුණාජීව Friday, 14 November 2014 12:56 PM

සාධාරණ හේතුවක් නොමැතිව [විශේෂයෙන් මෙවැනි මත්ද්‍රව්‍ය චෝදනා] කිසිම රාජ්‍ය නායකයෙකු වෙනත් රටක අධිකරණ තීන්දු වලට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බලපෑම්, මැදිහත් වීම් නොකළ යුතුයි. මෙවැනි මැදිහත්වීම් සිදුවනුයේ දියුණු වෙමින් පවත්නා රටවල පමණයි. ඇත්තටම චමින්ද, ඒකයි ඔස්ට්‍රේලියාවෙයි ඉන්දියාවෙයි වෙනස. (ර)

:       0       0

ලලිත් Friday, 14 November 2014 07:30 AM

රටට පරකාසේ ගෙදරට මරගාතේ කීවාලු.(හේ)

:       0       0

කරුණාරත්න Thursday, 13 November 2014 09:43 PM

මම නම් කියන්නේ ඔවුන්ට නිදහස දෙමු කියලයි. (නි)

:       0       0

රණසිංහ Friday, 14 November 2014 09:06 PM

ඉන්දියාවේත් හැසිරීම සමහර ආසියාතික රටවල් වගේමයි. මත්ද්‍රව්‍ය ප්‍රවාහකයින්,මහා පරිමාණ ගෙන්වන්නන් බේරාගන්න හරි උනන්දුයි වගේ. (නි)

:       0       0

අබ්දුල් Friday, 14 November 2014 02:57 AM

හැමදේටම සමාව දෙන්න ගියොත් මිනිස්සු වැඩි වැඩියෙන් වැරදි කරන්න පෙළඹෙනවා (නි)

:       0       0

චමිල Friday, 14 November 2014 03:24 AM

මොකද්ද ඒ කට්ටිය කර තිබෙන වැරැද්ද? (නි)

:       0       0

චමින්ද Friday, 14 November 2014 11:58 AM

මේ පුවත දැක්කම ජෝන් හාවඩ් ඕස්ට්‍රේලියාවේ අගමැති වෙලා ඉන්න කාලේ සිදුවූ සිදුවීමක් මතක් වුනා. ඉන්දුනීසියාවේ බාලි දුපතෙදී ඕස්ට්‍රේලියානුවන් 9 දෙනකු අසුවුවා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර [බාලි නයින්]. ඔවුන්ට එහිදී සමහරුන්ට මරණීය දණ්ඩනය නියම වුනා. මාධ්‍ය මගින් සමහරුන් ඉල්ලා සිටියා අගමැතිතුමාට මෙයට මැදිහත් වන ලෙස. ඔහුගේ පිළිතුර වුනේ, වෙනත් රටක අධිකරණ තීන්දු වලට මැදිහත් වීම තමා අතින් කිසිදා සිදු නොවන බවයි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site