
බම්බලපිටිය පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල ගසකට මුත්‍ර කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට තදබල ලෙස පහර දුන්නේ යැයි කියමින් පොලිස් පරීක්ෂකවරයෙකු පැමිණිල්ලක් සිදු කර ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.
හය දෙනෙකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායමක් තමන්ට වට කරගෙන තදබල ලෙස පහර දුන් බවත් ඔවුන් අතර ඉහළ පොලිස් නිලධාරියකු ද සිටි බවත් පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම ඉහළ නිලධාරියා තමන්ට තදබල ලෙස දෝෂරෝපණය කළ බවත් පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි එම නිලධාරියා සදහන් කළේය.
පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ භෝජනාගාරයට කමාලේ මාමා සමඟ ඉකුත් 9 වැනිදා රාත්‍රියේ පැමිණ ආහාර ගෙන පිටතට පැමිණ භොඩනාගාරයේ ගසක් යටට ගොස් මුත්‍ර කිරිමට සුදානම් වු බව මෙම පොලිස් පරීක්ෂකවරයා කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති.
COMMENTS
අපේ පොලිසියේ ලොකු පොඩි අයගෙන් බහුතරයක්ම ප්‍රශ්න විසඳන්න හදන්නේ අතින් පයින් මිසක් මොලෙන් නෙවෙයි. පොලිසිය මහජනතාවගේ ප්‍රසාදයට පත්වෙනවා.... වෙනුවට සීඝ්‍රෙලස අප්‍රසාදයට පත්වෙන්නේ මෙන්න මේ කරුණ තදබල ලෙසම බලපානවා. පොලිසියේ වැරැදි සොයා ක්ෂණිකවම දඬුවම් දෙන බලගතු යාන්ත්‍රණයක් හඳුන්වා දෙන්නේ නම් දියුණු රටවල මෙන් වෘත්තිය පොලිස් සේවයක් අපටත් ලැබේවි...!
පොලිසියේ නීතිය පොලිසිය්ටා බලපාන්නේ නැතිද ?පොදු ජනයාගෙන් කීදෙනෙක් පොදු ස්ථානවලදී මුත්‍රා කිරීමේ වරදට නීතිය ක්‍රියාත්මක කරලා තියනවද ?ආහාර ගැනීමට භෝජනාගාරයට ගියානම් භෝජනාගාරයේ වැසිකිලි නැතිද ?නීතිය දන්නා කෙනා නීතිය බිඳිනවා නම් අවනීතිය ක්‍රියාත්මක කිරීම වරදක්ද ?
මම නම් මේ පහර දීමේ වැරැද්දක් දකින්නේ නැහැ. භෝජනාගරය ඉස්සරහා තියෙන ගහකට මුත්‍රා කරන්නේ බල්ලොනේ. ඕකෙ ටොයිලට් නැත්ද? මොකක්ද මේ පොලිසියේ තියෙන විනය? ප්‍රසිද්ධියේ කකුල උස්සන ජාතියේ අය පොලීසියට මොකටද?