IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගුවන දිනූ ලක් පුත්තු

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ වසරේ   විශිෂ්ටතම දස්කමි දැක්වූ  ගුවන්  භටයෝ   ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම අතින් සම්මාන ලදහ. 2011  මුල සිට අග දක්වා කාලය තුල ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට එහා යමින් නිර්මාණශීලී, නිපැයුම්, සොයා ගැනීම ආදී නොයෙකුත් කරුණු ඔත්සේ දක්ෂතා ප‍්‍රදර්ශනය  කල ගුවන් භටයින්ට මෙදින සමිමාන හිමිවිය. වසරේ විශිෂ්ටතම ගුවන් භටයා  ලෙස බළපන්ති සැරයන් එස්.ඒ බොතේජු සමිමාන හිමිකර ගත් අතර වසරේ හොඳම සංවර්ධන පර්යේෂණ කණ්ඩායම ලෙස වින්ක්මාන්ඩර් එමි.පී.ඒ මහවත්තගේ, බළඝන නායක එල්.එමි.සී.බී නිශ්ශංක, බලලත් නිලධාරී පතිරත්න, සැරයන් ආර්.පී.ඩී.පී.ඩබිලිවි අමරසේකර සහ සැරයන් ජී.ජී.එමි.ඩබිලිවි.පී කොල්ගොල්ල  සමිමාන සම්මාන ලදහ. උපකාරක වෘත්තීන් හි හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.ඒ.ටී.අයි චන්ද්‍රසේකර, මෙහෙයුමි භූමි වෘත්ති හොඳම ගුවන් භටය  සැරයන් එචි.කේ.ආර්.ටී පෙරේරා, වෛද්‍යය හා දන්ත සේවා ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලලත් නිලධාරී එචි.ඩබිලිවි.සී.කේ සිල්වා, පරිපාලන ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන්භටයා ප‍්‍රධාන බලලත් අධිකාරී වනිගසේකර, සැපයුම්  ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලලත් නිලධාරී පී.ඒ. ආර් ලෙනෝරා, සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.ඒ බොතේජු, විද්‍යුත් හා විදුලි සන්දේශ ඉංජිනේරු අංශයේ හොඳම ගුවන් භටයා සැරයන්  එල්.එමි.සී.පී වික‍්‍රමසිංහ, සාමාන්‍යය ඉංජිනේරු අංශයේ හොඳම ගුවන් භටයා බලපන්ති සැරයන් එස්.පී.එන් අබේසේකර, ගුවන් යානා ඉංජිනේරු අංශයේ හොඳම ගුවන්භටයා බලපන්ති සැරයන් දි සිල්වා සම්මාන ප‍්‍රධානයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා උත්සවය අමතමින් කියා සිටියේ මෙවැනි තරග සංවිධානය කිරීමෙන් ඉදිරියේදී ගුවන් හමුදා සේවා පුද්ගලයිනගේ හැකියාවන් සහ කැපකිරීම් දිරිගැන්වීමක සිදුවන අතර හැකියාවන්ගෙන් පිරිපුන් විශිෂ්ඨ ගුවන් හමුදාවක් නිර්මාණය වන බවයි.  2011 වසරේ විශිෂ්ටතම ගුවන් භටයාට හිමි සමිමානය හිමිකරගත් බලපන්ති සැරයන් එස්.ඒ බොතේජු  ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම අතින් විශිෂ්ටතා සමිමානය ලබා ගනී.  2011 වර්ෂයේ  විශිෂ්ඨ දස්කමි දැක්වා   සමිමානයට පාත‍්‍ර වූ ගුවන් භටයෝ ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික‍්‍රම මහතා සමග



අදහස් (0)

ගුවන දිනූ ලක් පුත්තු

ආනන්ද පිටබැද්දර Tuesday, 25 September 2012 09:36 AM

ඒඩිතර හොද පුංචි පුතුන් ලංකාවෙන් බිහිවුනා මේ මුලු ලොව ජය ගන්නට ඔබ හැමටම වාසනා .......(ස)

:       0       0

නබීල් Tuesday, 25 September 2012 10:59 AM

ඔබට ජය...(ස)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 03:54 PM

අපේ සුබපැතුම් (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 04:03 PM

පැනලා යන්නනම් එපා. (ස)

:       0       0

වරුණ Tuesday, 25 September 2012 07:28 AM

දක්ෂ සූර වීර නායකත්වයක් හිමි ගුවන් හමුදාපතිවරයෙක් යටතේ ලක්අඹර ජය ගන්න සුභ පැතුම්..(ස)

:       0       0

තිලකරත්න Tuesday, 25 September 2012 07:44 AM

ලකඹර දිනූ පුතුනි, ඔබට ජය! (නි)

:       0       0

එවිල් Monday, 24 September 2012 07:09 PM

මොනවා උනත් දක්ෂයාට තැන දීම ගැන සතුටුයි..(ස)

:       0       0

අමිල කටුනායක Monday, 24 September 2012 07:13 PM

නිහතමානී වුවහොත් විශිෂ්ටත්වය තව තවත් වැඩිවෙයි. (නි)

:       0       0

සරත් Tuesday, 25 September 2012 08:37 AM

නව නිපැයුම් ක්ෂේත්‍රයට යමක් එක් කරන්න ඔබට හැකි වේවා ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 767 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site