(සිරංගිකා ලොකුකරවිට සහ අමල් වික්‍රමරත්න)
ගාල්ල වක්වැල්ලේ ජල පවිත්‍රාගාරයේ ඇතිවූ ගින්නෙන් පානීය ජලය බෙදාදීමේ ගැටලුකාරී තත්ත්වයක් හටගෙන ඇතත් කරාපිටිය ශික්ෂණ රෝහලට, මහමෝදර මාතෘ රෝහලට ඇතුළු රෝහල් වලට අඛණ්ඩ ජල සැපයුමක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ගින්නෙන් ජල පොම්පාගාරයේ ඉලෙක්ට්‍රොනික පද්ධතියට හානි සිදුව ඇති අතර විශේෂඥයන් ගෙන්වා දැනටමත් එහි පිළිසකර කටයුතු ආරම්භ කර ඇති බැවින් අද (16) දහවල් 12.00 පමණ වනවිට ජලපොම්පාගාරයේ බෙදාහැරීම් කටයුතු ආරම්භ කළ හැකිවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ.ලෙස්ති මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් දැනට ජල පාරිභෝගිකයන්ට බලපා ඇති තත්වය මගහැරීම සදහා කඩිනම් පියවර ගනිමින් සිටින බවත් තාවකාලික පියවරක් මගින් විදුලිය සන්ධිකර ජලය බෙදාහැරීමට කටයුතු කිරීමට හැකි සෑම පියවරක්ම ගන්නා බවද සදහන් කළේය.
මෙම හේතුව නිසා ජල පවිත්‍රාගාරයේ සියලුම පිරිපහදු කටයුතු ඇනහිට ඇති අතර රෝහල්වලට හැර අනෙකුත් සියලු ජල සැපයුම් කටයුතු අකර්මන්‍ය වී තිබේ.
සියල්ල යථා තත්ත්වයට පත් කෙරෙන තුරු ගාල්ල ජල පවිත්‍රාගාරයෙන් බෙදාහැරෙන ජලය ලබා දීම සීමා කර ඇතැයිද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඡායාරූප - අමල් වික්‍රමරත්න




2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ල ජල සැපයුම දහවල් වන විට යථා තත්ත්වයට