
(ෂේන් සෙනවිරත්න)
මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය මගින් පුළුල් විමර්ශනයක් ආරම්භ කොට තිබේ.
එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන මෙම සිසුන් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ මුහුණ යොදා ගනිමින් එම ඡායාරූප නිර්මාණය කොට ඔවුන් අතර බෙදා ගනිමින් සිටියදී එම ගුරුවරියට සිද්ධිය අනාවරණය වීමෙන් පසු මහනුවර පොලිසියට පැමිණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබේ.
එම පැමිණිල්ලට අනුව මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ පාසලට ගොස් එම සිසුන් භාවිතා කළ බව කියන ලැප්ටොප් පරිගණකයක් ජංගම දුරකථන දෙකක් අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කොට ඇති බව ඉහළ පොලිස් නිලධාරියෙකු පැවසීය.
මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පලීපාන මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 ඔක්තෝබර් මස 08
1357
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1263
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
461
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
ගුණරත්න Thursday, 13 March 2025 10:16 PM
ඔය වැඩේ මහා විසාල වැඩක් නෙවෙයි, එක ක්ලික් එකෙන් ඕක කරන්න පුළුවන්, දැනටත් ප්‍රසිද්ධ චරිතවල ඔහොම වෙනස් කල ඡායාරූප අනන්තවත් තිබෙනවා. කොල්ලන් කොලු කම නිසා ඔහොම දේවල් කරන්නේ තරවටුවක් කලාම ඇති වෙයි. කොහොමත් කෘතීම බුද්ධිය නිසා ලෝකය වෙනස් වේගෙන යන්න පටන් ගත්තා විතරයි, ඉතින් ටික කාලෙකින් රැල්ල බැහැලා සාමාන්‍ය වුනහම ඔය වැඩ නවතීවි, මොකද එහි අරුමයක් තව දුරටත් දැනෙන්නේ නැති නිඅසා. ගුරුතුමිය මේ ගැන කම්පා වෙන්න ඕන නැහැ, කොල්ලන්ට ටිකක් බැනලා තරවටු කරලා මේක අමතක කරලා දාන්න. උන් තේරුම් ගනීවි කල වැරැද්ද ගැන.
ගුරුතුමිය Friday, 14 March 2025 10:54 AM
හා ගුණරත්න, මම එහෙම කරන්නම්.
අරවින්ද මොණරවිල Friday, 14 March 2025 06:30 PM
ගුණරත්න ඔයාගේ සහෝදරියකට බිරිඳට හෝ මවට මේ වගේ දෙයක් කෙරුවොත් ඔයා ඔහොම කියනවාද?
ගුණරත්නFriday, 14 March 2025 08:32 PM
මොණරවිල මහත්තයා මට එහෙම දෙයක් වුණොත් තරහ යාවි ඇත්ත, ඒ වුණාට ඔය තාක්ෂණය අවහිර කලොත් ලොකු පාඩුවක් වෙනවා. දරුවන්ට හරි වැරැද්ද තේරෙන්නේ නැති කමට කළ දේකට ඔවුන් හිරේ දමලා විසඳන්න බැහැ, එකෙන් ඔවුන්ගේ අනාගතේ විනාශ වෙනවා. ඔය කරපු දේ නිකම් විනෝදයට විහිලුවට කරපු දෙයක් වෙන්න ඕනෑ. ඒ කොල්ලන්ගේ හැටි! කොලු කාලයක් ගත කළා කියලා මම නරක මිනිහෙක් වෙලා නැහැ. ගෑනුන්ට තියා මිනිහෙක්ටවත් අපහාස කරන්නේ නැහැ. ඒ වගේ ඔය කොල්ලන් ටිකටත් තරවටු කරලා සතියක් පන්ති තහනම් කරලා ආපහු ඉගෙන ගන්න දෙන්න...
රම්බොඩ Thursday, 13 March 2025 11:59 PM
ගුරුතුමිය කියන්නෙ මවක් වගේ ගරු කළ යුතු චරිතයක්. වර්ථමාන ළමයිගේ පිරිහීමයි මේ. තාක්ෂණය ට සමපාතව මිනිසාගේ බුද්ධිය සහ ගුණධර්ම වර්ධනය නොවුනහොත් තාක්ෂණය විසින් මිනිසා විනාශ කර දමන වග විද්වතුන් පවසා ඇත.
විද්වතාFriday, 14 March 2025 10:56 AM
බොරු කියන්න එපා. මමනං එහෙම දෙයක් කියල නෑ.
ජිල්බු Friday, 14 March 2025 09:19 AM
කෘත්‍රිම බුද්ධියත් දැං අහස වගේ. වැස්සත් බැණුම්, පෑව්වත් බැණුම්.