
(ප්‍රසාද් රුක්මල්)
උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 146 වන සැතපුම් කණුව අසලදී දුම්රිය මර්ගයට අද (9) පස්වරුවේ ගලක් කඩා වැටී දුම්රිය මාර්ගයට හානි සිදු වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි .
මේ නිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1005දරන පොඩිමැනිකේ දුම්රියේ දුම්රිය රියදුරු දුම්රිය මාර්ගයේ රේල් පීල්ල කැඩි ඇති අයුරු කල් තියා දැක දුම්රිය නවතා ගැනීම නිසාවෙන් සිදුවීමට ගිය විශාල දුම්රිය අනතුරක් වැලකී ගිය බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය .
කොළඹ කොටුව සිට පැමිණි අංක 1005 දරන පොඩිමැනිකේ දුම්රිය දැනට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අතරමග නවතා තබා ඇති බවත් උසස් නිළධාරියකු කීහ .
දුම්රිය මාර්ගය සකස් කිරිමට ඔහීය දුම්රිය මාර්ග අංශයේ සේවකයන් එම ස්ස්ථානය ට යැවීමට කටයුතු සිදු කර ඇති බවත් , බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය දැනට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ නවතා තබා ඇතැයි ද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගලක් උඩරට මාර්ගයේ දුම්රිය නවතයි