
(සුජිත් හේවාජුලිගේ )
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අවසන් කර අැත.
මේ අනුව එහි අවසන් වාර්තාව ලබන මස මුල ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.
කොමිසමේ නිල කාලය අවසන් වන්නේ ලබන දෙසැම්බර් මස 16 වැනිදායිනි.
මේ අතර බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාව ඉකුත් (04) වැනිදා ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
කොමිසමෙන් කෙරැණු දැනුම් දීමක් අනුව රණවක මහතා එදින එහි පෙනී සිටියේය.
විවිධ චෝදනා සම්බන්ධයෙන් ගල්අඟුරු කොමිෂන් සභාවෙන් රණවක මහතාට පසුගියදා නොතීසී නිකුත් කෙරිණ. ඔහුගෙන් මෙසේ ප්‍රකාශයක් සටහන් කර ගැනුණේ එ් අනුව බව එහි ආරංචි මාර්ග සදහන් කළේය.
චම්පික රණවක මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙහි 2010 අප්‍රියේල් මස 23 සිට 2013 ජනවාරි 28 දක්වාද ඉන් පසු ෙෙමත්රීපාල සිරිසේන රජය යටතේ 2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වාද කටයුතු කළේය.
මේ අතර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් නොතීසි නිකුත් කෙරැණු විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.සී.සී ෆර්නැන්ඩෝ මහතාද දිවුරැම් ප්‍රකාශයක් මාර්ගයෙන් කොමිසමට කරුණු ඉදිරිපත් කර අැත.
දැනට විදේශයක සිටින ෆර්නැන්ඩෝ මහතා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කාලයක් කටයුතු කළේය.
ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම විවිධ ප්‍රධානීන් 72 කගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කරගෙන ඇති සංඛ්‍යාව 370කි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd