IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ගුරු උපදේශකවරු සත්‍යග්‍රහයක

ගුරු උපදේශකයින් සදහා නව සේවා ව්‍යාවස්ථාවක් ස්ථාපිත කරන ලෙස ඉල්ලමින් ගුරු උපදේශිකයින්ගේ සංගමය  අද (26) විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිට සතයග්‍රහයක් කළේය.

ගුරු උපදේශකවරු 2000ක් පමණ ඊට සහභාගි වූහ.

උද්‍යානයේ බුදුපිළිමය ළගට රැස්වූ ගුරුඋපදේශකවරු මුලින්ම ආගම සිහිකළහ. අනතුරුව විනාඩි දහයක නිශ්ශබ්දව සිටියහ.

 ගුරු උපදේශක සංගමයේ සභාපති රෝහණ අතපත්තු මහතා මෙසේ කීවේය.

‘‘සමස්ත ලංකා ගුරු උපදේශක සංගමය අවුරුදු 17 තිස්සේ ශ්‍රි ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න උත්සහ කරමින් සිටිනවා. ඊට 2007 වසරෙදි කැබිනට් අනුමැතිය ලැබුණා. සේවා ව්‍යස්ථාව සකස් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය අපට දැනුම් දුන්නා. දැන් කළමනාකරණ දෙපාර්තුමේන්තුවේ සේවක සංඛ්‍යාව පිළිබදව අනුමැතිය ලැබෙන්න ඕනෑ. ඊළගට වැටුප් කොමිසම මගින් වැටුප් තල පිළිබදව අනුමැතිය දිය යුතුයි. රාජ්‍ය සේවා කොමිසන් සභාවෙන් අනුමැතිය ලබා දෙන්න ඕනෑ. මේ සියලු කටයුතු අවසන් වු විට එය කැබිනට් මණ්ඩලය මගින් යළි අනුමත කර ගැසට් කළ පසු තමයි සමස්ත ක්‍රියාවලියම අවසන් වෙන්නේ. මේ ක්‍රියාවලිය ඉක්මන් කරන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘

DSC_1235 DSC_1238 DSC_1241 DSC_1256 DSC_1261 DSC_1266 DSC_1272

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

ගුරු උපදේශකවරු සත්‍යග්‍රහයක

ලයනල් පද්මසිරි Wednesday, 26 November 2014 02:50 PM

ගුරු උපදේශක සේවාවක් දෙන්න ඇයි මේ ප්‍රමාදය.රටේ උගත්තු බිහිකරන අයට බලධරයෝ කැමති නැතුව ද(අ)

:       0       0

මහින්ද කංඩලම Wednesday, 26 November 2014 02:53 PM

දෙපාරක් හිතන්න මෙයාලා සුදුසු කම් තියන අයද කියලා බලන්න සමහර අධ්‍යක්ෂ වරු පන්දම් කාරයො සමහර අය උසස්විමි ගත්තාම විතරක් වැඩකරණ අය සමහරු නිකම් ඉන්න රටයන්න හදපු අය මම හරියටම දන්නවා රටටම දැනගන්න දැම්මෙ බලන අය හිතන්න කො මෙයාලා මේඅාවේ අැයි කියලා ඔය ඡන්දය හින්දා උසස්විම හදාගන්න හිතාගෙන අනේ අපේ රටේ අධ්‍යාපනයට යන කලක් පරිස්ම් වෙන්න ඡනාධිපතිතුමනි. (අ)

:       0       0

නිමල් Wednesday, 26 November 2014 11:26 AM

අනේ අපොයි ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක්. අධිෂ්ඨානය මෙයාලට නෙමෙයි තියෙන්න ඕනේ බලධරයින්ටයි මෙහෙම දෙයක් ක්‍රියාත්මක කරන්න.(නදී)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 26 November 2014 11:28 AM

අධ්‍යාපනය පිළිබඳ අපේ රටේ ඉන්න මැති ඇමතිවරු අපේ රටේ ස්කෝලවල ඉගෙනගත්ත අය නෙමෙයි (නදී)

:       0       0

පතිරත්න Thursday, 27 November 2014 01:58 AM

ගුරු උපදේශක සේවයක් ඉල්ලන්නවෙලා දැන් අවුරුදු 30 කටත් වඩා වැඩියි. ගුරු උපදේශක වරුන්ට පාසල් වලට යන්න අඩුම තරමින් බයිසිකලයක් තියා බෑග් එකක්වත් නොලබා තමයි සේවය කරන්නේ. මේ අයට දෙන ගමන් වියදමෙන් බයිසිකලයකට ඉන්ධන සපයාගන්නවත් බෑ. කැබිනට් අනුමැතිය ලැබී ඇති ගුරු උපදේශක සේවාව ඉල්ලන්නේ ඡන්දය නිසා නොවන බවද, රජයේ ඉහල නිළධාරීන්ගේ අවධානයට ලක්කිරීමට බවද දන්වමි. ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති මේ අය ඕනෑ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන කොටනේ, වැඩේ කරගත්තම මේ අයට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලනේ. (නදී)

:       0       0

නිම්මි Thursday, 27 November 2014 03:01 AM

ආදරණිය ගුරු මහත්ම මහත්මයානෙනි. තමුන්නාන්සෙලා 2000 2005 දිත් එකරාශි වුනා නේද?මේක කරලා දෙනවා කියල රෙජිනෝල් කුරේ කිව්වා නේද? එය මෙහෙයවපු නායකයෝ අද තනතුරු ලබාගෙන නෙද්? ඉල්ලීම් ලබාගැනුමට මල් පුජා වැඩක් නැත. පාලකයන්ව තමන්ගෙ දෙපතුල ලගට ගෙන්නන වැඩ පිලිවෙලකට යන්න. මෙය තවත් පාලකයන්ට ආවඩන ආශිර්වාදයක් නොවෙවා යන්න සැබෑ ගුරුවරුන්ගේ පැතුමයි (නදී)

:       0       0

චන්ද්‍රදාස Thursday, 27 November 2014 03:27 AM

ගුරු උපදේශක තනතුර සේවාවක් විදියට තබාගෙන අහිංසක ගුරුවරුන්ගෙන් ඉතාමත් විශාල සේවයක් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා ගත්තත් ඔවුන්ට ඇවිදින්න යන තෙල් කුලිය ලබා දෙන්නෙත් මාස ගණනක් පරක්කු වෙලා. ඔවුන්ට නියමිත සේවාවක් පිහිටවා ගෞරවාන්විතව පාසලට ගොස් කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් පරිසරයක් ඉතාමත් ඉක්මනින් ලබා දුන්නොත් අධ්‍යාපන ක්ෂේත්‍රය ගුණාත්මක බවින් වැඩි කර ගැනීමට විශාල මෙහෙයක් ගුරු උපදේශක මහත්ම මහත්මීන්ගෙන් ලබා ගත හැකියි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site