ගිරිතලේ ගොවි ජනපදයේ පීදෙන හා කිරිවදින ගොයම් අක්කර 12000ක් පමණ බේරාගැනීමේ අන්තිම උත්සාහය වශයෙන් ගොවීහු 150 දෙනෙක් පමණ යෝද ඇලේ දිය බෙදුම අමුනේ ජල දොරටු බලහත්කාරයෙන් විවෘත කළහ. වාරි මාර්ග නිලධරයන් පැමිණ නොසිටි නමුත් පැමිණ සිටි පොලිසිය ගොවියනට බාධා කලේය.
අඹන් ගෙඟන් ඇළහැර ඔස්සේ මින්නේරිය වැවටත් ගිරිතලේ වැවටත් වාරි ජලය බෙදාහැරෙයි. මින්නේරියට ජලය හරවා ඇති නමුත් ගිරිතලේට ජලය හරවා නොතිබීම නිසා ගොවීහු බලහත්කාරයෙන් ජලදොරටු විවෘත කළහ.



2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගිරිතලේ ගොවියෝ බලෙන් අමුණ අරිති
ඇඩම් Wednesday, 08 August 2012 02:03 PM
ඇයි ඉතිං වතුර දුන්නේ නැත්තේ? (නි)
චතුලවෙරෝනා Wednesday, 08 August 2012 02:15 PM
කවුරුත් බලන්නෙ නෑත්නම් ඔවුන්ම ක්‍රියාත්මක උන එක හොඳ වෑඩක්(වි)
නිෂාඩ් ප්‍රීනා Wednesday, 08 August 2012 02:20 PM
බොහොම හොදයි. යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා ඇහුවලු. (නි)
මොහොමඩ් Wednesday, 08 August 2012 02:24 PM
ඔය වතුර ටික අහවල් ඇමතිතුමාගේ ගෙදරට හැරෙවුවනම් හරි. (නි)
හර්ෂ Wednesday, 08 August 2012 02:25 PM
හඩලා කුමටද මිතුරේ සියතුවේ සමද මුව රැල වාගේ සිටිය නොහේ ඇරලා එමු මහා සොරොව්ව මෙදා වැවේ ගලන දිය අප හමටයි සියතුවේ (වි)
ප්‍රවීන් - මැනිලා Wednesday, 08 August 2012 02:57 PM
අනේ මන්දා, මේ මිනිස්සුන්ට මේවා කතාබහ කරලා විසදා ගන්න බැරි මොකද කියලා? (නි)
සංජීව Thursday, 09 August 2012 05:12 PM
ඒකෙන් මේකෙන් වෙන්නෙ ආයෙත් හාල් රටින් ගේන්න වෙන එක විතරයි...!!(නු)
අතුල Wednesday, 08 August 2012 05:52 PM
මාවිල්ආරු සොරොව්ව ඇරියා වගේ දැන් වැඩපටන් ගන්න...(ස)
ලලිත් - කටාර් Wednesday, 08 August 2012 06:37 PM
ඉතුරු වෙලා තියෙන්නේ මොනවා වුණත් ඒ හැම දෙයක්ම නැති වෙන්න පුලුවන්. (නි)
ජයනාත් Wednesday, 08 August 2012 07:07 PM
මතකද සොරොවුවක් වහලා වෙච්ච දේ? (නි)
නයන Wednesday, 08 August 2012 12:30 PM
අන්න හරි ගොවියනි අපි ඔබ සමගයි (දී)
සම්පත් Wednesday, 08 August 2012 12:41 PM
හරියට ප්‍රශ්නේ දන්නේ නැති නිසා මුකුත් කියන්නත් බැහැ (දී)
නූතන ෙගාවියා Wednesday, 08 August 2012 12:42 PM
මඩ සෝදා ගත්කල ගොවියා රජකමට වුවද සුදුසුය. නමුත් වර්තමානෙ ගොවීන්ට රජකම විනා වගාවට ප්‍රමාණවත් ජලයවත් අහිමිවීම ජාතියේ කේදවචකයකි (දී)
තුෂාන් Wednesday, 08 August 2012 12:45 PM
වතුර තියාගෙන නොදී ඉන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඇති නේද , වාරි නිලධාරීන මොකද කියන්නේ? ලංකාදීප ඒ ගැනත් වාර්තා කරන්න. (දී)
ශිවා Wednesday, 08 August 2012 12:48 PM
ඔහොමද ආසියාවේ අස්චර්යය කරන්නේ. මිනිස්සුන්ට වතුර වත් නොදී (දී)
දමින්ද Wednesday, 08 August 2012 01:00 PM
ජනතාව අසරණ කරන්නේ නැතිව වතුර ටික දෙන්න (දී)
සමන්ත Wednesday, 08 August 2012 01:06 PM
ඡන්දෙ ලං වෙනකොට වතුර දෙන්න එකතු කරලා ඇත්තේ. (ත)
හිමාලි මහේෂිකා අමරසිංහ Wednesday, 08 August 2012 01:04 PM
ගිරිතලේ කියන ගැමි සුන්දරත්වයෙන් පිරුණු ගම්මායේ අළංකාරත්වය තියෙන්නේ ඔය ගොවින්ගේ දහඩිය මහන්සිය මුසු වෙච්ච හේන් වලයි කුඹුරු වලයි අපිට නෙතට රසඳුනක් වෙන ඒ පරිසරය තමයි ඒ මිනිසුන්ගේ ජිවිතය සීතල කාමරවල පොතේ හැටියට වගා කරන මහත්වරුණි කරුණාකරල ආයෙත් අට ශ්‍රේණියේ පාඩම් මාලාව අනුගමනය කරන්න බලන්න මගේ තාත්තා හොඳ ගොවියෙක් ඒ වගේ ගොවීන්ගේ පාරම්පරික දැනුමට ඔයාලා විහිඵ කරන එක නවත්වන්න(වි)
ඩයස් Wednesday, 08 August 2012 01:14 PM
බැලූ බැල්මට නම් ගොවියා හරි. ගොවියා බේරුණා කියන්නේ රටම බේරුණා කියන එකයි. (නි)