IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ගමේ පාසල් හතරක් ජනපති කාර්යාලයට

(අංජුල මහික වීරරත්න)

හෙවනකුඹුර, බද්දේගම, පොළොන්නරුව සහ වෑකන්දවෙල ප්‍රදේශයන්හි පාසල් හතරක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (30) පැමිණියහ.

එලෙස ජනපති කාර්යාලයට පැමිණියේ හෙවනකුඹුර ශ්‍රී පුඤ්ඤසාර මහා විද්‍යාලය, බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, පොළොන්නරුව බකමූණ මහසෙන් ජාතික පාසල සහ වෑකන්දවෙල මොරයාය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝයි.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමිව තිබේ.

ජනාධිපති කාර්යාලයීය පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධවද එම විද්‍යාලයන්හි ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුම්වත් කිරීමද මෙහිදී සිදු විය.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව සහ සාරධර්ම වැඩිදියුණු කර ගැනීම පිළිබඳ දේශනයක්  කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් අදාළ විදුහල්වල පුස්තකාල සඳහා පොත් ලබාදීම, ක්‍රීඩා උපකරණ ලබා දීම සහ පරිසර සතිය ආරම්භ කරමින් පාසල් වෙත වටිනා පැළ බෙදා දීම ද සිදු කෙරිණි.



අදහස් (3)

ගමේ පාසල් හතරක් ජනපති කාර්යාලයට

රට වැසියා Friday, 30 May 2025 05:10 PM

වසංගත රෝග පැතිරෙමින් තිබෙන කාලයක දරුවන් මේ අර්ථ විරහිත වැඩවලට යොදාගන්න එපා... අනිත් එක මේ වගේ "බාල මාධ්‍ය සංදර්ශන" වලින් ආණ්ඩුවේ ප්‍රතිරූපය ගොඩ නගන්න උත්සාහ ගන්න එපා..!

:       13       2

Shelton Saturday, 31 May 2025 06:03 AM

එදා රට කෑ එකා කියලා බැනපු ජේ.ආර් .ජයවර්ධන මහතාගෙන් කොපි කරගත් දෙයක්...

:       0       0

කවීෂ Saturday, 31 May 2025 08:46 AM

වසංගත රෝග ජනාධිපති මන්දිරයේ දැන් නෑ. ඒ ඉස්සර. දැන් අවුලක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 641 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site