
(තිලකරත්න දිසානායක.)
ගම්පහ සාම මහා විහාරයේ දෙමහල් ආවාස ගෙයි ඊයේ (16) රාත්‍රියේ ඇතිවූ ගින්නකින් දැඩි හානි සිදුව ඇති බව විහාරාධිපති තලංගල්ලේ සෝමසිරි නාහිමියෝ පැවසූහ.
ඊයේ රාත්‍රී 12 ට පමණ ගින්නක් පැතිරෙන බව එහි නිදාසිටි ගිහියෙකු විසින් දැක ඇති අතර ඒ අවස්ථාවේ සැතපී සිටි කුඩා සාමනේර හිමිවරුන්ට කතාකොට එළියට ගත් බවත් පරිවෙනාධිපති ගෝනමැරියාවේ නන්දසිරි හිමියන් ඇතුලු සාමනේර හිමිවරුන් සිටි කාමරවල දොරවල් කඩා එලියට ගත් බවත් ගිහිඅයෙකු පැවසීය.
ගින්න හේතුවෙන් පිරිවෙන් හිමිවරුන්ගේ පොත්පත් ඇතුලු බොහෝ දේ විනාශවී ඇති ආකාරයක් දක්නට ලැබුනි. ඊයේ රාත්‍රී ගම්පහ නගර සභා ගිනි නිවන ඒකකය පැමිණ ගින්න මැඩපවත්වා ඇතත් උදෑසන වන විටත් තැනින් තැන ගිනි ඇවිලෙමින් තිබිණි.
ගින්න ඇතිවීමට හේතුව පැවති වර්ෂාව සමග විදුලි කාන්දුවක් විය හැකි බව විහාරාධිපති හිමියන් පැවසු අතර සිදුව ඇති හානිය විශාල බවද කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd