IMG-LOGO

ගැමියන්ට වෙන් කළ අක්කර 35 තනි පුද්ගයකුට දිලා

(නිමල් ජයරත්න)

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් දුන් අක්කර තිස්පහක භූමියක් පිටස්තර අයකුට ලබාදීමට විරෝධය පළ කරමින් දිඹුලාගල මලියදේවපුර ගම්මානයෙ පිරිසක් අද පෙරවරුවේ එම ඉඩමට ගොස් ඊට විරෝධය පළ කළහ.

ඉඩම ලබාගත් පුද්ගලයා වටිනා ගස් විනාශ කරමින් දැඩි පරිසර හානියක් සිදුකර ඇති බවත්, තමන්ට පර්චස් 20 බැඟින් වෙන් කරපු අක්කර තිස් 35 ඉඩම් කොටස එක් පුද්ගලයකුට ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ගෙන් ඇති තීරණය වහාම නතර කරන ලෙසද එම විරෝධතාකරුවෝ මෙහිදී ඉල්ලා සිටියහ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය භූමියේ ඇති මායිම් සලකුණු කඩා බිඳ දැමීමට විරෝධතාකරුවන් කටයුතු කළ අතර තමා ඉල්ලීම් ඉටු නොකළොත් තමන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දිඹුලාගල මහවැලි කොට්ඨාස කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බවද විරෝධතාකරුවෝ පැවසූහ.

විරෝධතාකරුවන් නගන චෝදනාව පිළිබඳ අප දිඹුලාගල මහවැලි කොට්ඨාශ කළමනාකාර එම්,ජි,එන්, ජයකොඩි මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එම ඉඩම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් මිරිස් වගාව ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති බවත්, එම් ඉඩම් තුල මිරිස් වගා කිරීමට ගම්මානයේම පිරිසකට තෝරා ලබා දෙන බවයි.

 



අදහස් (1)

ගැමියන්ට වෙන් කළ අක්කර 35 තනි පුද්ගයකුට දිලා

Bamunuarachchi Thursday, 30 June 2022 08:55 AM

මෙන්න මේවාට අරගල කරන්න අපේ සහයෝගය නොමසුරුව ලැබෙනවා. වගකිවයුත්තන් ඇදගෙනවිත් ගස් බඳින්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 316 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site