
(දයාරත්න ඇඹෝගම)
විදේශිය රටක නිෂ්පාදිත බෝර දොළහේ තුවක්කුවක්,ජීව පතුරම් හතරක් සහ කේරල ගංජා සමග සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත්බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිජ්ජාපුර ප්‍රදේශයේ සිවිල් බලකා කදවුරකට අනුයුක්තව සේවය කරන කැබිතිගොල්ලැව,ඇල්ලවැව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සිවිල් ආරක්ෂක භටයෙකි.
පොලිස් බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතුරක් මත ඔහුගේ නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදි මෙම ගිනි අවිය සහ පතුරම් පොලිසිය බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගනු ලැබු සිවිල් ආරක්ෂක භටයා අද(29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.