ත්‍රිරෝද රිය හා යතුරු පැදි වලින් ගොස් ගැට කපන කල්ලියක ගැහැණුන් සිව් දෙනකු හා පිරිමින් දෙන්නකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලීසිය සමත් විය.
මොවුන් සියලු දෙනාම එකම පවුලේ සාමාජිකයන් බව කියති.
බැංකු, සුපිරි වෙළදසල් හා වෙනත් සාප්පුවලට ගොස් ගැට කැපු මොවුන් අල්ලා ගැනීමට මතුගම පොලීසියේ නොවිසුදුණු අපරාධ අංශය හා බුද්ධි අංශය සති ගණනක් වෙහෙසුණේය.
සීසීටීවී ආරක්ෂක කැමරාවල තොරතුරුද ඔවුන් අල්ලා ගැනීමට රුකුලක් විය.
ගැට කපන්නියන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන පාරේ තිබු ත්‍රිරෝද රියකට නැඟුණු පොලිස් නිලධරයකු දැලි පිහි පහරකින් බේරුණේ අනු නවයෙනි.එම ත්‍රිරෝද රිය ගැට කපන්නනගේ බව පසුව හෙළි විය.මොවුන් ළඟ යතුරු පැදි දෙකක් හා ත්‍රිරෝද රිය තුනක් තිබී සොයාගත් බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැට කපන පවුලක්ම මතුගමින් කූඩුවට
චමල් Sunday, 31 August 2014 07:46 AM
දැන් නම් ආශ්චර්යය ළඟයි වගේ (නි)
මහින්ද Sunday, 31 August 2014 08:00 AM
පුදුමවෙන්න දෙයක් නැහැ (නි)
ධම්ම Sunday, 31 August 2014 09:39 AM
එයාලා කපන්නේම ගැහැණු ගැට. (නදී)
චමින්ද Monday, 01 September 2014 08:48 AM
පවුලම ඇතුළේ හින්දා, ඇප දෙන්න කෙනෙක් හොයාගන්න පුළුවන් වේවිද මන්දා......? (නි)
චමින්ද Sunday, 31 August 2014 10:55 AM
පවුලේ කට්ටියම ඇතුලට යන නිසා, ඇප දෙන්න කෙනෙක්වත් සොයා ගන්න පුළුවන් වේවිද මන්දා. (නදී)
හේවගේ Sunday, 31 August 2014 01:55 PM
පින්තුරත් එක්ක නම ගම විස්තර ටික දාන්න,(අ)
ඇල්බට් Sunday, 31 August 2014 01:58 PM
ඔය ජාතියේ ලොකු පවුලුත් තියෙනවා ශාන්ති!(අ)
ශාන්ති Sunday, 31 August 2014 06:35 AM
පවුල් පිටින්ම දැන් හොරකමේ .හරි ෂෝක්(අ)
ටිකිරි බණ්ඩාර Sunday, 31 August 2014 05:34 PM
ගැට කපන පවුලක්ම..........? තවත් කොයිතරම් ලංකාවේ ඇද්ද? (නි)
උපජීව Sunday, 31 August 2014 07:42 AM
ලොකු ලොකුම අයත් පවුල් පිටින්මනේ හොරකම් කරන්නේ. ඒක ආදර්ශයට අරගෙන වෙන්න ඇති. (නි)