බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
මහරගම පන්නිපිටිය ඇරැව්වල මැණික් ව්‍යාපාරියකු සතුව තිබු රුපියල් කෝටි 700 පමණ වටිනා දියමන්තිය හා මැණික් ගල් කිහිපයක් කොල්ලකෑම සම්බන්ධයෙන්  පුද්ගලයන් දෙදෙනෙකු පිළියන්දල දී අද (1) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අත්තේ දියමන්තිය හා මැණින් ගල් බැහැර කිරිමට ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.
එම පුද්ගලයන් දෙදෙනා කඩුවෙල පදිංචිකරුවෝ වෙති. මෙම කොල්ලය සිදුකරනු ලැබුවේ ඉකුත් නොවැම්බර් 5 වැනි දාය.