(ටී.කේ.ජී.කපිල)

රුපියල් හතලිස් පන් කෝටි පනස් ලක්ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු 46 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතික ඉංජිනේරුවරයෙකි .

ඔහු සිය ගමන් මල්ල තුළ රුපියල් දහනව කෝටි අසූ ලක්ෂයක් වටිනා කිලෝ ග්‍රෑම් 13 ග්‍රෑම් 173 ක් බරැති මත් පෙති 23,000 කට අධික ප්‍රමාණයක් සගවා ගෙන තිබුණි .

මෙම මත්පෙති තොගය ශ්‍රී ලංකාව තුළ මෙතෙක් අත් අඩංගුවට ගත් විශාලතම මත්පෙති තොගය බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයෙකු පැවසීය .

එසේම ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 121 ක ප්‍රමාණයක් ද එම ගමන් මල්ල තුළ සගවා ගෙන තිබූ අතර , මෙම මත්ද්‍රව්‍ය තොගය , විශාල ප්‍රමාණයේ චොකලට් පැකැට් ලෙස පිටතට පෙනෙන සේ අසුරා සකස් කර ගෙන තිබුණි.