IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි 36ක ‘හෂිස්‘ සමඟ විදෙස් කතක් ගුවන්තොටේදි මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම සිදු කරමින් , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් රුපියල් කෝටි තිස් හයක් වටිනා "හෂීස් " මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ විදේශික ගුවන් මගී කාන්තාවක් ද  ඊයේ (15  )  රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබේ .

ඇය 36 හැවිරිදි කැනඩාව ජාතික කාන්තාවකි . ඇය ද දැඩි ලෙස මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වී සිටින කාන්තාවක් බවද , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදීම අනාවරණය කර ගෙන තිබේ .

පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණමෙන් සිටි මෙම කාන්තාව  කැනඩාවේ ටොරෙන්න්ටෝ නුවර සිට ගමන් ආරම්භ කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර වෙත පැමිණ , එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 936 දරන ගුවන් යානයෙන් 02/15 දින රාත්‍රී 08.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වෙත ජාත්‍යන්තර වශයෙන් ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත , ඇය පැමිණි ගුවන් යානය වෙත ගොස් ,  එම නිලධාරීන් මෙම  අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. 

ඇය විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , ඇද ඇතිරිළි කීපයක් තුළ ඔතා සගවා ගෙන , කිලෝ ග්‍රෑම් 36 යි ග්‍රෑම් 500 ක බරකින් යුතු   මෙම  " හෂීෂ්'' මත්ද්‍රව්‍ය  තොගය , සුළං කාන්දු නොවන පොලිතින් ඇසුරුම් 12 ක් තුළ , එක් ඇසුරුමකට 06 බැගින් වන සේ ,  කාබන් කොළ වල ඔතා , ඇසුරුම් 72 ක් ලෙස සකස් කර ගෙන , කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම " හෂීෂ්'' මත්ද්‍රව්‍ය තොගය බොහෝ විට , වෙනත් රටකට ප්‍රති අපනයනය කිරීම සදහා මෙරටට රැගෙන එන්නට ඇතැයි , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ උසස් නිලධාරීන් සැක පහළ කරති.

 

 



අදහස් (0)

කෝටි 36ක ‘හෂිස්‘ සමඟ විදෙස් කතක් ගුවන්තොටේදි මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 46 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site