
(එම් .සුසිල් ප්‍රියන්ත )
ශ්‍රී ලංකාවෙන් පළමුවරට සොයා ගත් රුපියල් කෝටි 20 ක පමණ වටිනා ‘මැන්ඩි‘ නමැති මත් කුඩු කිලෝග්‍රැම් 12 ක් ළඟ තබාගෙන සිටියදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන අද (21 )පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළ ප්‍රධාන සැකකරු සැප්තැම්බර් මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අම්බලන්ගොඩ කළුවඩුමුල්ල ලිපිනයේ පදිංචි රාජපක්ෂ පුන්චිනයිදා නම්බි ගිහාන් නමැත්තාය.
මේ සැකකරු ළග තිබියදි මේ මත් කුඩු තොගය සොයා ගැනුනේ අගෝස්තු මස 15 වනිදා රාත්‍රියේදීය.
ඒ ගල්කිස්ස හා දෙහිවල පොලිසි දෙක ඒකාබද්ධව සිදුකරනු ලැබු වැටලීමකදීය.
අම්බලන්ගොඩ, මුහුදු හරස් පාර පටබැදිමුල්ල ලිපිනයේ ධිවර යාත්‍රා අලුත්වැඩියා කරන මධ්‍යස්ථානයක ගබඩා කර තිබියදි මේ මත් කුඩු තොගය පොලීසිය විසින් සොයා ගන්නා ලදි. ගල්කිස්ස පොලීසිය විසින් මේ සැකකරු අධිකරනයට ඉදිරිපත් කරන ලදි.
2025 දෙසැම්බර් මස 30
21
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 20 ක ‘මැන්ඩි‘ ළඟ තබාගත් සැකකරු රිමාන්ඩ්