(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින් රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.
අස්ථානගත වූ මුදල් මල්ලේ රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් තිබී ඇතැයි පොලිසිය කියයි.
එකී මුදල් තොගය අතර වලංගු මුදල් රුපියල් 10,000,000 පළුදු නෝට්ටු රුපියල් 6000 , රුපියල් 390,000 ක් වටිනා ඇමෙරිකන් ඩොලර් 1300 ක් තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මුදල් මලු 15 වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිට ඇති අතර භාරදී ඇත්තේ එයින් 14 ක් බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෝටියකට අධික වටිනා මුදල් මල්ලක් අස්ථානගත වෙලා
ජිල්බු Friday, 15 August 2025 09:30 AM
මල්ල කම්මැලි කමට වෙන ගමනක් යන්න ඇති. එකක් නැතිවුනාට ඉතුරු දාහතරම තියෙනවනේ.