
(යොහාන් භාසුර)
කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත් එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කරඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසීය.
වරායට ආසන්නයේ එම තෙල් කාන්දුවූ ස්ථානය වසා දැමීමට පෙර කළයුතු පිරිසිදුකිරීම් මේ වන විට කරමින් සිටින බව කී නෙත්තිකුමාරගේ මහතා ඉන් පසුව එම ස්ථානයේ කාන්දුව සම්පූර්ණයෙන්ම වසා දමන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd