
(කේ. බුද්ධික කුමාරසිරි)
මීගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් දෙදෙනෙකු යතුරු පැදියක ගමන් කරමින් සිටියදී දික්හැතැප්ම ප්‍රදේශයේ දී අනතුරට ලක් කල පෞද්ගලික බස් රථයක රියදුරු අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි
මෙම අනතුරින් මීගොඩ පොලිසියේ පැදිකරු ලෙස කටයුතු කල රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල් නලින්ද යන අයගේ දකුණු පාදය කැඩී ඇති බවත් පසු පැදිකරු ලෙස සිටි පොලිස් කොස්තාපල් නිරෝෂන් යන අයටද තුවාල සිදුව ඇතැයි ද පොලිසිය පවසයි
අනතුර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කොළඹ බදුල්ල පෞද්ගලික බස් රථයේ රියදුරු වන බණ්ඩාරවෙල ලියන්ගහවෙල අඩවිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මීගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා විසින් පරීක්ෂණ පැවැත්විය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථය හරි පැත්තෙන් ධාවනය කරලා තියෙන්නේ... ට්‍රැපික් තමයි ඉරි කපලා තියෙන්නේ.... පින්තුරය විදියට
පොලිස් ඌෂ්නේ ගහලා වැරදි මංතීරුවේ ගියාට බස් කාරයා පලිද??
ඔය දෙන්නා යතුරු පැදියේ ගියා වුනත් මාර්ගය ඔවුන්ගේ කියලා හිතාගෙන ඉන්න ඇති. බොහෝ වෙලාවට ඔය දෙන්නා කොහේ හෝ සැගවී සිට පාරට පනින දෙන්නෙක් කියලා බොහෝ දෙනෙක් දන්නවා. කිසිම වරදක් නැතත් වෙන පළාතක වාහනයක් නම් ඔවුන් කොහොම හරි දඩ කොලයකින් සංග්‍රහ කරනවාමයි.එහෙම දෙන්නා ගම කොහේද අහල ආසන්න ලිපිනයක් කිව්වොත් සංග්‍රහ නැතුව යන්න දෙනවා
බස් රියදුරුට දොස් කියන්න බෑ මොකද බයිසිකලේ රියදුරු විරුද්ධ පැත්තෙන් එන්නේ
රිය අනතුරක් වුණාම රියදුරන් දෙන්නාම අත්අඩංගුවට ගත යුතුයි.කකුල කැඩුණු පොලිස් නිලධාරියාත් අත්අඩංගුවට ගන්න ඕනෑ. රෝහලේ හිටියත්