IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොවිඩ් එන්නත් සිව් වැනි මාත්‍රාව දීම සඳුදා සිට

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 මර්දනය කිරීම සඳහා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට සිවුවන මාත්‍රාව සහ වයස අවුරදු 12- 16 අතර කාණ්ඩයට අයත් දරුවන්ට දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

වසංගත රෝග විද්‍යා ඒකකයේ හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව ගත් තීරණයකට අනුව මෙම මාත්‍රා ලබාදීම සිදුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මීට අමතරව වයස අවුරුදු 20ත් 60ත් අතර ඌන ප්‍රතිශක්තියක් ඇති හා නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට ද කැමතිනම් මෙම මාත්‍රාව ලබාගැනීම නිර්දේශ කර ඇති බව ඇමතිවරයා කීවේය.

තෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස 3ක් ගත වී ඇති අයට පමණක් සිවුවන මාත්‍රාව ලබාගත හැකි බව ද අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ෆයිසර් එන්නත ගත් ඇතැම් පුද්ගලයන්ට හෘදයේ ආසාදන ඇතුළු ආබාධ ඇති වූ බැවින් පාසල් සිසුන් එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව සති දෙකක පමණ කාලයක් තදබල ශාරීරික වෙහෙසවීම් නොකළ යුතු බව නිර්දේශ කර ඇතැයි ද මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (0)

කොවිඩ් එන්නත් සිව් වැනි මාත්‍රාව දීම සඳුදා සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site