(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිතයන් අද දින 1896 දෙනකු වාර්ත විය.

පළමු වටයේ කොවිඩ් 19 වයිරස ආසාදිත  970 දෙනකු  වාර්තා වූ අතර දෙවන වටියේ 920 ද විදේශගතව සිටි පැමිණ නිරෝධායන මධ්‍යස්ථාවල සිටි හය දෙනකු ද කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,23,234 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,335 දෙනෙක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 103,098 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.