(අමදෝරු අමරජිව)
කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇතැයි ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.
මෙම ග්‍රාම නිලධාරි වසම්වලට අයත් ඈත දුෂ්කර ගම්මානවල පවතින තත්වය නරක අතට හැරි ඇති බැවින් එම ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබාදුන් බව කී අධ්‍යක්ෂවරයා නිවෙස් තුළ මියයන්නන් රහසිගතව වල දැමීම සම්බන්ධයෙන් ඇති තොරතුරුවල සත්‍යා අසත්‍යතාවය තවදුරටත් සොයමින් සිටින බව කියයි.
මේ නිසා රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන කින්නියා පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කිරිමට තිරණය කල බව අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
මේ අනුව කින්නියා පොලිස් වසමට අයත් කින්නියා,පෙරිය කින්නියා, කුට්ට්කරච්චි, එරිදාර් නගර්,පෙරියාතු මුනෙයි ,මාලින්තුරෙයි,රහුමානියා නගර්, සින්න කින්නියා, මාංචෝලෙ, කට්ටියාරු, කුරුංඤ්ඤකේණි, මුණච්චේනෙයි, යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස වහාම ක්‍රියාත්මක වනපරිදි ඊයේ (14) පෙරවරුවේ සිට හුදෙකලා කළ බව අධ්‍යක්ෂරවයා පෙන්වා දුන්නේය.

COMMENTS
මේක ප්‍රශ්නයක්? එයාලගෙ මරණ සහතිකය ගන්නේ කෙහොමද? ඉදිරි කාලයේ දී එයාල අතුරුදහන් කියල කියන්නද? මේ වැඩේ කරන අයට ලොකු නීතිමය ප්‍රශ්නවලට මුහුණ දෙන්න වේවි.
ඔව් එතකොට මැරිච්ච ගාන අඩුවෙන් පෙන්වන්න පුලුවන් නේ.
හැමදාමත් කරේ ඕක තමයි. කොලේ වහලා ගේම් ගහලා අපි තමයි හොඳටම කළේ කියලා ජනතාව අන්දවනවා.
තියාගෙන කරවල වේලන්නද? කවුද හොයල බලන්නේ? මැරුණු අය හොයන්නේ ගෙවල්වල ඉන්න අසාධ්‍ය අය ගැන සොයන්න...