(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොරෝනා වෛරසය ආසාදනය වී. අයි. ඩි. එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 86 ,94 අඹුසැමි යුවළ සහ වයස අවුරුදු 82 කාන්තාවක් ය .

මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයකු වන අතර ඔහුගේ බිරිඳ විශ්‍රාමික හෙදියකි. අනෙක් කාන්තාව ඔවුනගේ ඥාතිවරියකි.