
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපියල් මිලියන 400 ක් හෙවත් රුපියල් කෝටි 40 ක් පමණ කොන්ත්‍රාත්කරුවන්ට ප්‍රමාද ගාස්තු ලෙස ගෙවිමට සිදුව ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල්ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා කොම්පඤ්ඤවීදීයේ ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලම අතරමඟ නැවතී ඇති ආකාරය අද (28) නීරීක්ෂණය කිරීමෙන් පසුව එසේ පැවසීය.
ඉදිකිරීම් ප්‍රමාද වන සෑම දිනකටම රුපියල් ලක්ෂ 5 බැගින් විශාල නාස්තියක් සිදුවන බැවින් වහාම ගැටලුව විසදිය යුතු බවත් මෙම වසර අවසන් වන විට කෙසේ හෝ පාලම ඉදිකර අවසන් කළයුතු බවත් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීය.
වසර දෙකක් තිස්සේ පාළම ඉදිකිරීම් ප්‍රමාදවීමට හේතු වූ පොලිස් නේවාසිකාගාර ඉවත් කිරීමට අදාල කටයුතු කඩිනමින් කිරීමට පියවර ගතයුතු බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරීය මහතා සහ එම අමාත්‍යංශයේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්, අමාත්‍ය කාර්ය මණ්ඩලයේ අදාල නිලධාරීහු ද මේ අවස්ථාවවට සහභාගී වූහ.




2025 නොවැම්බර් මස 21
40
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1003
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
කොම්පඤ්ඤවීදීය ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදයෙන් කෝටි 40ක පාඩුවක්
himal Tuesday, 29 April 2025 11:51 AM
ප්‍රශ්නය පැහැදිලි මදි. ගුවන් පාලම ඉදිකරන්න ගොඩනැගිල්ලක් ඉවත් කරන එකක් සම්බන්ධ වෙන්නේ කොහොමද? පාලම යන්නේ ගොඩනැගිල්ලක් හරහා නම් ඒ බව ඉදිකිරීම් ආරම්භ කරන කොට කොන්ත්‍රාත්කරු දන්නේ නැද්ද?